
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු ශ්‍රී ලංකා ප්‍රධාන ක්‍රිකට් පදවි පුහුණුකරු චන්දික හතුරුසිංහ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර වසර කිහිපයක් තිස්සේ පැවැති නීතිමය ආරවුල අවසානයේ සමථයකට පත්ව තිබේ.
ස්විට්සර්ලන්තයේ පිහිටි ක්‍රීඩා මධ්‍යස්ථකරණ අධිකරණයේ පවරා තිබූ නඩුව ඉල්ලා අස්කර ගැනීමට හතුරුසිංහ එකඟ වීමත් සමඟ, ඔහු වෙත ඇමරිකානු ඩොලර් 164,000 ක (ශ්‍රී ලංකා රුපියල් මිලියන 55 ක පමණ) මුදලක් ගෙවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇත.
2017 දෙසැම්බර් මාසයේදී මසකට ඩොලර් 40,000 කට අධික අධික වේතනයකට හිමිකම් කියමින් තෙවසරක ගිවිසුමකට අත්සන් තැබූ හතුරුසිංහ, 2019 වසරේදී ශ්‍රී ලංකා පිල ලැබූ පරාජයන් සහ විනය විරෝධී ක්‍රියා චෝදනා මත ධුරයෙන් නෙරපා හැරිණි.
විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය විසින් කරන ලද පරීක්ෂණයකින් ද ඔහුට එරෙහිව චෝදනා 6 ක් තහවුරු විය.
තමන්ව ධුරයෙන් ඉවත් කිරීමට එරෙහිව හතුරුසිංහ මුලින්ම අදාළ අධිකරණය හමුවේ ඩොලර් මිලියන 5 ක අලාභ පූරණයක් ඉල්ලා නඩු පැවරූ අතර, පසුව පසුගිය වසරේදී නැවතත් ඩොලර් 450,000 ක මුදලක් ඉල්ලා නව නීතිමය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළේය.
මෙම නීතිමය ගැටුම නිසා දෙපාර්ශ්වයටම විශාල මුදලක් වැය වූ අතර, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව ද උපදෙස් දී තිබුණේ අධිකරණයෙන් පිටතදී මෙය නිරාකරණය කරගන්නා ලෙසයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2025 මූල්‍ය වාර්තාවලට අනුව, මෙම වසර මුලදී දෙපාර්ශ්වයම අදාළ එකඟතාවකට පැමිණ ඇත.
ඒ අනුව ඔහුට හිමි බදු කොටසෙන් සියයට 50 ක් ද ඇතුළත්ව ඩොලර් 200,000 ක සමථයකට පැමිණි අතර, අවසානයේ ඩොලර් 164,000 ක මුදලක් ගෙවා දමමින් මෙම දීර්ඝ නීතිමය සටන නිල වශයෙන් අවසන් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමත් වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart