
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක්කටාගේ මෙරට මත්ද්‍රවය ජාලය මෙහෙයවන බටවල සුපුන් නමැත්තා විශේෂ කර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව ඇත.
විශේෂ කාර්ය බලකාය විසින් දකුණු පළාත තුළ සිදුවන සංවිධානාත්මක අපරාධ කණ්ඩායම්වල ක්‍රියාකාරකම් මැඩපැවැත්වීම සදහා ස්ථාපිත කර ඇති පුෂ්පාරාම උප කදවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව නිලධාරීන් කණ්ඩායමක් විසින් 2023.07.08 වන දින වැලිගම පොලිස් වසමේ වැලිගම බෝගන්විලා රෙස්ටුරන්ට් අසල දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී සන්තකයේ තබාගෙන සිටි අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10, මිලි ග්‍රෑම් 300 ක්, මුදල් රු. 350,000.00 ක මුදලක් සහ යතුරු පැදියක් සමග පිටිදුව, වැලිගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 33ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වැලිගම පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
එහිදී මොහු සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක්කටාගේ මෙරට මත්ද්‍රවය ජාලය මෙහෙයවන බටවල සුපුන් නමැති අන්වර්ථ නාමයෙන් හදුන්වන පුද්ගලයා බවට කරුණු අනාවරණය වී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart