
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සංවිධානාත්මක අපරාධකරුවකු වන නඳුන් චින්තක හෙවත් හරක් කටාගෙන් හෙට (22) ප්රකාශයක් ලබා ගැනීමට කොටුව මහේස්ත්රාත් තිලිණ ගමගේ අද අවසර ලබාදී තිබේ.
ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකක වෙතයි.
දැනට රැඳවුම් නියෝග මත සිටින කුඩු සළිඳු පසුගියදා විමර්ශන නිලධාරියෙක් තමන්ගෙන් මුදල් ඉල්ලූ බවට මහේස්ත්රාත් නිරීක්ෂණයේදී ප්රකාශ කර තිබිණි.
එම සිද්ධියට අදාළව හරක් කටාගෙන් මෙම ප්රකාශය ලබාගැනෙනු ඇත.
විමර්ශන සම්බන්ධයෙන් සහාය ලබාදීමට අදාළ පොලිස් නිලධාරියා රුපියල් කෝටි 13ක් සලිඳුගෙන් ඉල්ලා සිටි බව වාර්තා විය.
එම සිද්ධිය මහේස්ත්රාත්වරයාට වාර්තා කිරීමෙන් පසු සිදුකළ නියෝග අනුව මෙම විමර්ශන ක්රියාත්මක වෙයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart