
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොත සමගී ජන බලවේගය වෙත ලබාදෙන ලෙස එම පක්ෂය ඊයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා සිටියේය.
ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් එම සජබ මැතිවරණ කළමනාකරු සුජීව සේනසිංහ කියා සිටියේ තම පක්ෂයට සිරිකොතට හිමිකම් පෑමට අයිතියක් ඇති බවයි.
“අපි හිටපු එක්සත් ජාතික පාක්ෂිකයන් නිසා සිරිකොතට හිමිකම් කියන්න අපට අයිතියක් තියෙනවා,” ඔහු පැවැසීය.
එක්සත් ජාතික පක්ෂයේ වත්මන් තත්ත්වය පිළිබඳව කනස්සල්ල පළකළ සේනසිංහ වැඩිදුරටත් පැවසුවේ “එජාප නායකයා තම හෘද සාක්ෂියට එකඟව කටයුතු කර සිරිකොත අපට භාර දෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. ඔහු එසේ කළ යුත්තේ ඉතිරි එජාප පාක්ෂිකයන් වෙනුවෙන්. සිරිකොත අපිට බාර දුන්නොත් එයාගේ සමහර පව් කමාවෙනවා.”
“වික්‍රමසිංහ එජාප නායකත්වයෙන් ඉවත් කිරීමට නොහැකි වූ නිසා අපට සමගි ජන බලවේගය පිහිටුවීමට සිදුවුණා” ඔහු වැඩිදුරටත් පැවැසීය.
මේ අතර ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ කාලය දීර්ඝ කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය යැයි එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර කළ ප්‍රකාශය ගැන අදහස් දක්වමින් සේනසිංහ සඳහන් කළේ, රංගේ බණ්ඩාර රනිල් වික්‍රමසිංහට හිතවත් වූයේ කෙසේදැයි විශ්වාස කළ නොහැකි බවයි.
“රංගේ බණ්ඩාර ඒ දවස්වල එජාපයේ සිටි දැඩි වික්‍රමසිංහ විරෝධී චරිතයක්. ඒ කාලෙ තුළ එජාප නායකත්වය වෙනස් කිරීමට ඔහු අප සමඟ පෙරමුණේ සිටියා. 2018 පිහිටවූ දින 52ක ආණ්ඩුවට යන එකෙන් ඔහුව නැවැත්වූයේ මමයි. ඒ කාලය තුළ ඔහුට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඇමතිකමක් දෙන්න සුදානමින් හිටියා” යැයි සේනසිංහ පැවැසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart