
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්රියාකාරී අධ්යක්ෂ තුසිත හල්ඔලුව ලබන 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
ඒ, අලුත්කඩේ මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.
ඔහුගේ වාහනයට පහරදීම සහ වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන විමර්ශනයට අදාළව සැකකාර තුසිත හල්ඔලුව මහතා ඊයේ (19) අලුයම අත්අඩංගුවට ගැනුණේ, වරෙන්තු නිකුත් කර තිබූ පසුබිමකය.
ඔහු ගමන් කළ වාහනයට එල්ල වූ වෙඩි ප්රහාරය, සංවිධානාත්මක අපරාධකරුවන් යොදවාගෙන තුසිත හල්ඔලුව මහතා විසින් සිදුකරගෙන ඇති බව සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින්, කොළඹ අපරාධ කොට්ඨාසය ප්රකාශ කළේය.
පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කළේ, ජනාධිපතිවරයා සහ රජය කෙරෙහි ජනතා අප්රසාදය ඇති කිරීමේ අරමුණින් මෙය සිදුකර ඇතැයි, මූලික පරීක්ෂණ වලදී හෙළිව ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart