
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හාලිඇල ශ්‍රී බිම්බාරාම විහාරස්ථානය සහ බෝගහමඩිත්ත ශ්‍රී ජේතවනාරාම විහාරස්ථානයට ඊයේ (27) අලුයම ඇතුලු වී ඇති සොරකල්ලියක් විහාරස්ථානවල තිබූ පිංකැට දෙකක් කඩා විහාරස්ථානයේ ආවාස ගෙයි තිබූ මුදල්, ආරක්ෂිත කැමරා උපකරණ කට්ටල ඇතුලු රුපියල් 97000ක් පමණ වටිනා දේපළ සොරාගෙන ගොස් ඇතැයි හාලිඇල පොලිසිය පවසයි .
ශ්‍රී බිම්බාරාම විහාරස්ථානය වසා තිබියදී දොරේ ඉබ්බා කඩා ආවාස ගෙට ඇතුලු වී ඇති සොරුන් එහි තිබූ මුදල් රුපියල් 67000ක්ද, විහාරස්ථානයේ ආරක්ෂිත කැමරා පද්ධතියේ රුපියල් 25000ක් වටිනා ඩී.වී.ආර් .යන්ත්‍රයද ගලවා සොරාගෙන විහාරගෙයි තිබූ පිංකැටය ද මෙසේ කඩාදමා ඇති බවත් පොලිසිය සඳහන් කරයි
මේ අතර තුරේ හාලිඇල බෝගහමඩිත්ත ශ්‍රී ජේතවනාරාම විහාරස්ථානයේ වා කවුළුවකින් විහාරස්ථානයේ විහාරගෙට ඇතුලු වී ඇති සොරුන් එහි පිංකැටය කඩා මුදල් රුපියල් 5000ක් පමණ සොරාගෙන ගොස් ඇතැයි පොලිසිය සදහන් කළේය .
එම පිංකැටය විහාරස්ථානයේ චෛත්‍යය ආසන්නයේ දමා ගොස් තිබියදී සොයාගත් බවද පොලිසිය පැවසීය .
එකම දින රාත්‍රි කාලයේ සිදු වූ මෙම සොරකම් සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නැතැයි පොලිසිය පවසයි.(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart