
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තමන් පාතාල කල්ලියක සාමාජිකයකු බවට හඳුන්වාදෙමින් මරණීය තර්ජනය එල්ල කර හෝමාගම, සුව පුබුදුගම පදිංචි පෙර පාසල් ගුරුවරියකගෙන් රුපියල් ලක්ෂ 20ක කප්පමක් ලබාගැනීමට තැත් කළ සුවපුබුදුගම ග්‍රාම නිලධාරිවරයා අත්අඩංගුවට ගැනීමට මිරිහාන විශේෂ වංචා විමර්ශන ඒකකය සමත්ව ඇත.
සැකකරු දුරකථනය ඔස්සේ මාස 2ක් තිස්සේ මෙම කප්පම ඉල්ලා කරදර කර ඇතැයි හෙළි වූ බව එම ඒකකය පවසයි.
මෙම තර්ජන ගැන පෙර පාසල් ගුරුවරිය හෝමාගම මූලස්ථාන පොලිසියට කීපවතාවක්ම පැමිණිලි කර ඇතත් සැකකරු කොටුකර ගැනීමට පොලිසිය අසමත් වීම හේතුවෙන් මේ පිලිබඳ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට පැමිණිලි කර තිබේ.
ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙම සැකකරු කොටුකර ගැනීමේ මෙහෙයුම මිරිහාන විශේෂ වංචා විමර්ශන ඒකකයට භාර දී ඇති අතර, ඒ අනුව පැය 24ක් යෑමට පෙර සැකකරු පෙර පාසල් ගුරුවරියගේ නිවස ආසන්නයේදී කොටුකර ගැනීමට එම ඒකකය සමත් වී ඇත.
සොයා බැලීමේදී සැකකරු ප්‍රදේශය භාර ග්‍රාම නිලධාරි බවට හෙළිව තිබේ.
සැකකරු හා පෙර පාසල් ගුරුවරිය අතර දුරකථනයෙන් ඇති වූ සංවාදය මෙසේය.
සැකකරු – හෙලෝ….. නෝනා….. අපි මේ අර මුදල් වගයක් සම්බන්ධයෙන් මීට පෙර කතා කළේ
පෙර පාසල් ගුරුවරිය – අපි ගාව සල්ලි නැහැ. අපි බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නේ
සැකකරු – කීයක් වගේ දෙන්න පුළුවන්ද කියන්නකො
පෙර පාසල් ගුරුවරිය – මම මේ මොන්ටිසෝරියක වැඩ කරලා ඒකෙන් තමයි ළමයි තුන්දෙනා ඉස්කෝලෙ යවලා කාල බීලා ජිවත් වෙන්නේ. මහත්තයට මේ දවස් වල වැඩ නැහැ.
සැකකරු – නෝනගෙන් රුපියල් ලක්ෂ 10 ක් ඉල්ලුවා. ඒක ලැබුණේ නැහැ. දැන් ලක්ෂ 20ක් තමයි පාතාල කණ්ඩායමෙන් ඉල්ලන්නේ නැත්නම් වෙඩි තියන්න කියලා තියෙන්නේ. එතකොට නෝනා මොකද කරන්නේ?
පෙර පාසල් ගුරුවරිය – ඔයාට මාව මරලා දාන්න ඕනෙ නම් මරලා දාන්න.
පසුව සැකකරු රුපියල් ලක්ෂයක මුදලක් අදාළ ගුරුවරිය සේවය කරන පෙර පාසල අසල දැන්වීම් පුවරුවක් ආසන්නයේ තබන ලෙසට පෙර පාසල්ගුරුවරියට දුරකථන මාර්ග ඔස්සේ දැනුම් දී ඇත.
ඇය මේ ගැන පොලිසිය දැනුවත් කළ අතර, එහිදී ක්‍රියාත්මක වූ එම ඒකකයේ නිලධාරීන් සැකකරු මුදල ලබා ගැනීමට යතුරු පැදියකින් පැමිණි මොහොතේකොටුකර ගෙන තිබේ.
සැකකාර ග්‍රාම නිලධාරි හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart