
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙම වසරේ ඡන්දහිමි නාමලේඛන කටයුතු සඳහා ග්රාම නිලධාරීන් මෙතෙක් නිවසට පැමිණියේ නැතිනම් නොපමවා ඔවුන්ට ඇමතුමක් ලබාදීමට කටයුතු කරන ලෙස මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් සී.රත්නායක පවසයි.
2023 පෙබරවාරි 01 දිනට වයස අවුරුදු 18 සම්පූර්ණ කරනු ලබන, එනම් 2005 ජනවාරි 31 හෝ එදිනට පෙර උපන් තැනැත්තන් 2023 ප්රධාන ඡන්දහිමි නාම ලේඛනයට ඇතුළත් වීමට සුදුසුකම් ලබන බව මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරයි.
අවුරුදු 18 සම්පූර්ණ වීම මත, පදිංචිය වෙනස් වීම මත, ප්රධාන නාමලේඛනයට ඇතුළත්වීම සඳහා ග්රාම නිලධාරී වෙතින් ER ආකෘතියක් සම්පූර්ණ කළ යුතු වේ.
යොවුන් පුරවැසියන් පරිපූරක ඡන්දහිමි නාමලේඛනයට ඇතුළත් වීම සඳහා YC ආකෘති පත්රයක් සම්පූර්ණ කළ යුතු වේ.
ඡන්දහිමියන් ගණන් ගැනීමට අදාළ ER හා YC ආකෘති පත්ර ග්රාම නිලධාරීගෙන් ලබා ගත හැකි බවද කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart