
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ අක්ෂි ශල්‍යකර්මයක් සඳහා සිංගප්පූරුවට ගොස් සිටින අතර, එම කටයුතු නිමවා ශ්‍රී ලංකාවට පැමිණි වහාම පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) හමුවේ පෙනීසිටින බව ඇගේ නීතිඥවරයා ලිපියක් යොමුකරමින් දැනුම් දී තිබේ.
පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් ඇයට කැඳවීමක් කර තිබුණද, ඇය දැනට පසුවන තත්ත්වය අනුව ඉදිරිපත් වීමට නොහැකි බව නීතිඥවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.
ශිරන්ති රාජපක්ෂගේ මූලිකත්වයෙන් පවත්වාගෙන ගිය ‘සිරිලිය සවිය’ සංවිධානයේ ගනුදෙනුවලට අදාළව පැවැත්වෙන විමර්ශනයකට ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා පසුගිය 24 වැනිදා FCID හමුවේ පෙනීසිටින ලෙස ඇයට දැනුම් දී තිබිණි.
මේ අතර පසුගිය 16වැනිදා ඇය සිංගප්පූරුව බලා පිටත්ව ගියාය.
මේ පිළිබඳව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ ප්‍රකාශ කර ඇත්තේ, ශිරන්ති රාජපක්ෂ අසනීප තත්ත්වයෙන් පසුවන බැවින් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනීසිටීමට නොහැකි වූ බවයි.
කෙසේ වෙතත් ඇය ශ්‍රී ලංකාවට පැමිණි වහාම එම කොට්ඨාසය හමුවේ පෙනීසිටින බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart