
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමයේ තහනමට ලක්කළ කටුපොල් වගාව යළි ආරම්භ කිරීම සඳහා ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව හිටපු මුදල් ඇමැතිවරයකු වන රවි කරුණානායක පවසයි.
හෙතෙම එම අදහස් පළකළේ කටුපොල් වගාකරුවන් සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුවය.
කටුපොල් වගාකරන ගොවීන් මුහුණ දී ඇති ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා හෙතෙම මතුගම බදුරලිය ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට එක්විය.
එය සංවිධානය කර තිබුණේ හරිත දෙරණ කුඩා හා මධ්‍ය පරිමාණ වැවිලිකරුවන්ගේ සංගමය විසිනි.
එහිදී එම ගොවීන් පෙන්වාදුන්නේ කටුපොල් වගාව තහනම් කිරීම නිසා පවුල් විශාල ප්‍රමාණයක් ආර්ථික ගැටළු රැසකට මුහුණ දී සිටින බවයි.
අපනයන භෝගයක් ලෙස දියුණු කිරීමට හැකි මෙම කටුපොල් වගාව යළි ස්ථාපිත කරදෙන ලෙස හිටපු ඇමැතිවරයාගෙන් ඔවුහු ඉල්ලා සිටියහ.
තම ඉඩම්වල මෙන්ම රජයේ ඉඩම්වල වගාකිරීමට අවසර ලබාදුනහොත්, තේ හෝ රබර්වලට වඩා වැඩි විදේශ විනිමයක් රටට ලබාගත හැකි බවද ගොවීන් මෙහිදී පෙන්වාදී ඇත.
අක්කර එක වගාවක් මගින් මසකට රුපියල් 75000ක ශුද්ධ ආදායමක් උඅපයාගත හැකි බවද ගොවීන් මෙහිදී පෙන්වාදී තිබේ.
ඇතැම් පුද්ගලයන්ගේ දුර්මත නිසා මෙම භෝග වගාව තහනමට ලක්කර ඇති බවයි ඔවුන් පවසා තිබේ.
මෙහිදී අදහස් දක්වමින් හිටපු අමාත්‍ය රවී කරනවා සඳහන් කර ඇත්තේ,මේ සම්බන්ධයෙන් පවතින දුර්මත ඉවත් කරගෙන කටුපොල් වගාව පිළිබඳව විශේෂඥ දැනුම් ඇති පුද්ගලයන් සමග සාකච්ඡා කර යළි වගාව ආරම්භ කිරීම සඳහා අවසර ලබාදීමට කටයුතු කරන බවයි.
මෙහිදී එම ගොවින්ට හිටපු ඇමැතිවරයා පොරොන්දු වී ඇත්තේ, මේ පිළිබඳව ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර ලබන ජනවාරි මාසය වන විට පවතින තහනම ඉවත් කිරීම සඳහා කටයුතු සලසා දෙන බවයි.
ඒ අනුව, ඉදිරියේදී සියලුදෙනාගේ සහයෝගය ඇතිව රජයේ සහ ජනමාධ්‍යයේ සහායද ලබාගෙන වාණිජ භෝගයක් ලෙස කටුපොල් වගාව ව්‍යාප්ත කිරීම සඳහා පියවර ගන්නා බව හිටපු හෙතෙම මෙහිදී වැඩිදුරටත් පවසා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart