
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ අධිකරණ නියෝග මත කම්මල (වඩුමඩුව) ආසන්නයේ කූඩුවක රඳවා සිටි පරෙවියකු සතුන් භාරව සිටි සේවකයා විසින් සොරකම් කර රැගෙන යමින් සිටියදී පරෙවි ආහාර සමග සත්වෝද්‍යානය ආසන්න මාර්ගයකදී පොලිස් නිලධාරීන් විසින් පෙරේදා (13දා) සවස අත්අඩංගුවට ගෙන ඇත.
සත්වෝද්‍යාන බලධාරීන් විසින් පරෙවියා සොරකම් කිරීම පිළිබඳව දෙහිවල පොලිසියට පෙරේදා රාත්‍රී පැමිණිල්ලක් කර ඇත.
අත්අඩංගුවට පත් සැකකරු දෙහිවල කවුඩාන ප්‍රදේශයේ පදිංචි අවුරුදු 37 ක් වයසැති සත්වෝද්‍යානයේ වසර 10 කට අධික කාලයක සිට සේවය කළ අයෙකු බව පොලිසිය කියයි.
දෙහිවල සත්වෝද්‍යානය තුළ අවස්ථා දෙකකදී, නඩු භාණ්ඩ රැකබලා ගත් පරෙවියන් 59 දෙනකු සොරකම් කර ඇති බවට දෙහිවල පොලිසිය වෙත පැමිණිලි කර තිබිණි.
සත්වෝද්‍යානයේ කම්මල (වඩුමඩුව) අසල කූඩුවක අධිකරණ නියෝග මත නඩු භාණ්ඩ ලෙස රඳවා සිටි පරෙවියන් 27 දෙනකු 2025 ජනවාරි 29 දා රාත්‍රී සොරකම් කර තිබූ අතර, යළිත් සත්වෝද්‍යානයේ පැළ තවාන ආසන්නයේ වෙනත් කූඩුවක අධිකරණ නියෝග මත රඳවා සිටි පරෙවියන් 32 ක් 2025 ඔක්තෝබර් 24 දා සොරකම් කර තිබිණි.
මෙම සොරකම් දෙකම සිදුවන අවස්ථාවේ රාත්‍රී කාලයේ පරෙවි කූඩු දෙකේ ආරක්ෂාව සඳහා පින්නවල සත්වෝද්‍යානයෙන් දඬුවම් ලැබූ සේවකයකු යොදවා තිබේ.
මෙහි දෙවැනි සොරකමට සම්බන්ධ සැකකරුවෙක් පරෙවියන් 15 ක් සමග ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකරු ඊයේ (14දා) ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
එසේම ඉකුත් දෙසැම්බර් 7 දා සත්වෝද්‍යාන උරග උයන තුළ අධිකරණ නියෝග මත නිරෝධායනය වෙමින් සිටි කහ ඇනකොන්ඩා සත්වයා සොරකම් කිරීම සම්බන්ධයෙන් ආරක්ෂක අංශයේ ලොග් පොතේ සටහන් තැබීමට අංශ භාර නිලධාරීන්ට උපදෙස් ලබා දී නොමැත.
ඉදිරි නීතිමය පියවර ගැනීම සඳහා මූලික පරීක්ෂණ වාර්තා සතියක් ගතවී ඇතත්, අදාළ නිලධාරිනිය සත්වෝද්‍යාන අධ්යක්ෂ ජනරාල්වරයාට මෙතෙක් භාරදී නොමැති බව ද දැනගන්නට ඇත.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart