
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රටේ බලශක්ති අවශ්‍යතා සපුරාලීමට හම්බන්තොට නව තෙල් පිරිපහදුවක් ඉදිකිරීම වෙනුවෙන් අවම වශයෙන් ඩොලර් බිලියන 04 ක ආයෝජනයක් සඳහා සමාගම් දෙකක් රජය විසින් තෝරාගෙන(shortlisted) කර ඇත.
“බලශක්ති අවශ්‍යතා සපුරාලීම සඳහා නව තෙල් පිරිපහදුවක අවශ්‍යතාවය අපි හඳුනාගෙන තිබෙනවා. ඒ වෙනුවෙන් ලංසු 07ක් ලැබී තිබෙනවා. සම්පූර්ණ ඇගයීම් ක්‍රියාවලියකින් පසුව මීළඟ අදියරට යෑමට තෝරාගෙන ඇත්තේ සිංගප්පූරුවේ විටෝල් සහ චීනයේ සිනොපෙක් සමාගම් පමණයි” යැයි විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේදී පැවැති ජනමාධ්‍ය හමුවක් අමතමින් සඳහන් කළේය.
ඔහු පවසන පරිදි, වරායේ හම්බන්තොට කාර්මික කලාපයේ පිහිටි පිරිපහදුව සඳහා ආයෝජනය කිරීම සඳහා උනන්දුව ප්‍රකාශ කිරීම (EOIs) සඳහා වන කැඳවීම මාස දෙකකට පෙර ආරම්භ කරන ලද අතර, ඊට ආයෝජකයන් හත්දෙනකු උනන්දුව පළකර ඇත.
ඇමැතිවරයා පෙන්වාදෙන ආකාරයට, ඒ අතුරින් පිරිපහදුව සාර්ථකව සංවර්ධනය කිරීමට අවශ්‍ය තාක්‍ෂණික ප්‍රවීණත්වය ප්‍රදර්ශනය කර ඇත්තේ චීන සහ සිංගප්පූරු සමාගම පමණකි.
මේ වසර අවසන් වන විට එක් සමාගමක් සමඟ ගිවිසුමක් අවසන් කිරීමට රජය අපේක්ෂා කරන බවද ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart