
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රටේ බිඳ වැටුණු ආර්ථිකය යළි ගොඩනඟන අතරම, සියලු අතින් පිරිහී ගිය සමාජය යළි සුවපත් කිරීමේ වගකීම ද රජය භාරගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කළේය.
ජනාධිපතිවරයා සඳහන් කළේ මත්ද්‍රව්‍ය ජාවාරම සහ අවි බලය සමඟ සමාජය දැවැන්ත විනාශයකට ඇඳ දමා තිබෙන කළු පාලනය අවසන් කිරීමට රජය තැබූ පියවර කිසිසේත් ආපසු හැරවීමට කටයුතු නොකරන බවයි.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ සියම් මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අභිනව අනුනායක අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද නායක ස්වාමීන්වහන්සේ වෙත ශ්‍රී සන්නස් පත්‍ර පිළිගැන්වීම වෙනුවෙන් ඊයේ (03) පස්වරුවේ මහනුවර ඓතිහාසික මඟුල් මඬුවේ පැවති පූජෝත්සවයට එක්වෙමිනි.
සමාජ පුනරුදය ඇති කිරීමේදී මහා සංඝරත්නයට විශාල කාර්යභාරයක් පැවරී තිබෙන බව එහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා, අතීතයේ ද රාජ්‍යය අභියෝගයට පත් වූ සෑම අවස්ථාවකම ඒ වෙනුවෙන් ඉදිරියට පැමිණියේ මහා සංඝරත්නය බවද සඳහන් කළේය.
මත්ද්‍රව්‍ය ව්‍යසනය රටින් තුරන් කර දැමීම වෙනුවෙන් ජාතික ව්‍යාපාරයක් ආරම්භ කිරීම රජයේ අරමුණ බවත්, එහිදී ගම්දනව් සිසාරා වැඩම කරමින් ජනතාව අවදි කිරීමේදී මහා සංඝරත්නයට විශාල කාර්යභාරයක් ඉටු කළ හැකි බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
සමාජය යහපත් කරන කාර්යයේදී නායක ස්වාමින් වහන්සේගේ උපදෙස්, ඔවදන් ඉතාමත් වැදගත් බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart