
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාසල් කාලය විනාඩි 30 කින් දීර්ඝ කිරීමෙන් ගුරුවරුන්ගේ පාසල් වේලාවෙන් පසු සිදුකරන රාජකාරී වැඩ ප්‍රමාණය අඩුවන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න පවසයි.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ මොඩියුල ක්‍රමය හඳුන්වාදෙන බවත්, එහිදී ගුරුවරුන්ගේ රාජකාරී වැඩ ප්‍රමාණය පාසල් වේලාවට සීමාවන බවත් ඔහු පැවසීය.
“මීට පෙර, ගුරුවරුන් පාසල් වේලාවෙන් පසු නිවසට රාජකාරී වැඩ ගෙනයාමේ අසීරුතාවකට මුහුණදුන්නා. නමුත් මොඩියුල ක්‍රමය යටතේ, බොහෝ වැඩ කටයුතු පාසල් වේලාවන් තුළ සිදු කෙරෙනවා. එබැවින්, පාසල් වේලාවෙන් පසු ගුරුවරුන්ගේ වැඩ බර ප්‍රමාණය අඩුවෙයි” ඔහු පැවසීය.
පාසල් වේලාව මිනිත්තු 30 කින් දීර්ඝ කිරීමෙන් පසු ගුරුවරුන්ට ප්‍රවාහන පහසුකම් ලබාදෙන අතර, වැඩ බර ද අඩුවන බව නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න වැඩිදුරටත් පෙන්වාදුන්නේය.
එමෙන්ම ඔහු පැවසුවේ මෙම ප්‍රතිසංස්කරණ හරහා අධ්‍යාපන ක්ෂේත්රය සඳහා ඉතා ඵලදායී වෙනසක් සිදුවෙමින් පවතින බව තමන් විශ්වාස කරන බවයි.
අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න කොළඹ පැවති උත්සවයකට සහභාගී වෙමින් ජනමාධ්‍ය වෙත අදහස් දැක්වීමේදී මෙම අදහස් පළකළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart