March 21, 2026

විදේශීය සංචාරකයන්ට ඉන්ධන බෙදාහැරීමට ප්‍රමුඛත්වය දීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.

වලංගු විදේශ ගමන් බලපත්‍ර හෝ හැඳුනුම්පත් ලේඛන ඉදිරිපත් කරන සංචාරකයන්ට ඉන්ධන පිරවුම්හල්වලදී ප්‍රමුඛතාවය ලබාදෙන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ පැවසීය.

සංචාරක අංශයට සහාය වීම සහ විදේශීය අමුත්තන්ගේ පහසුව සහතික කිරීම අරමුණු කරගනිමින් මෙම පියවර ක්‍රියාත්මක කිරීමට රට පුරා සියලුම පිරවුම්හල්වලට උපදෙස් දී ඇති බව ඔහු තවදුරටත් තහවුරු කළේය.