
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කිළිනොච්චියේ පූනකරි වැවේ මෙගාවොට් 700 ක සූර්ය බලශක්ති, බැටරි ගබඩාවක් සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් යුනයිටඩ් සෝලා එන්.ජී.එස්.එල්.පෞද්ගලික සමාගම ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
ශ්‍රී ලංකාව තුළ කඩිනමින් පුනර්ජනනීය බලශක්ති සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සහාය වීමට මෙගාවොට් 50 හෝ ඊට වැඩි ධාරිතාවකින් යුත් පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සංවර්ධනය කිරීම සඳහා, අනාගත ආයෝජකයන්ගෙන් පොළී යෝජනා කැඳවීමට මින් පෙර දී කැබිනට් අනුමැතිය හිමි වූ බව රජය ප්‍රකාශ කරයි.
ඒ අනුව මෙගාවොට් 134ක විදුලි සැපයුමක් ලබාදීම සඳහා කිළිනොච්චි පූනකරි වැවේ බැටරි බලශක්ති ගබඩා පද්ධතියක් සහිත මෙගාවොට් 700ක සූර්ය බලාගාරයක් සංවර්ධනය කිරීමට යුනයිටඩ් සෝලාර් එන්.ජි.එස් .එල් පෞද්ගලික සමාගම යෝජනාව ඉදිරිපත් කර තිබේ.
100% ක සෘජු විදේශ ආයෝජනයක් ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 1727 ක සම්පූර්ණ ආයෝජනයකින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට යෝජිත අතර, මෙම මුදලින් ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක් දේශීය ව්‍යාපෘති සංරචක සඳහා යොදාගැනීමට නියමිතව ඇත.
ව්‍යාපෘතියේ කොටසක් ලෙස මිලියන 13.5 ක වියදමින් පූනකරි වැව වටා අමුණු 03ක් ඉදිකිරීමට ව්‍යාපෘති යෝජක සමාගම යෝජනා කර ඇත.
මෙගාවොට් 700ක බලාගාරයක් පිහිටුවීම සඳහා වැවේ නොගැඹුරු ප්‍රදේශයෙන් අක්කර 1080ක් වසර 35ක බදු ගිවිසුමක් මත සමාගමට ලබාදීමට උතුරු පළාත් සභාව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ කෘෂිකර්ම සංවර්ධන දෙපාර්තමේන්තුව දැනටමත් එකගතාව පළ කර ඇති බව සදහන් වේ.
මෙම සමාගම ඉදිරිපත් කළ ව්‍යාපෘති යෝජනාව පිළිගෙන එය ඇගයීමට ලක්කර නිර්දේශ ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලය සාකච්ඡා කමිටුවක් පත්කර ඇති අතර, විදුලිබල හා බලශක්ති ඇමැතිවරයා ඒ වෙනුවෙන් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart