
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අලි මිනිස් ගැටුම් අවම කිරීමේ උත්සාහයන් ශක්තිමත් කිරීම සඳහා ක්‍රියාත්මක වන සැලැස්මක පියවරක් ලෙස, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ බහුකාර්ය සංවර්ධන අභ්‍යාසලාභීන් 3,451 දෙනෙකුට විදුලි වැට නඩත්තු සහකාර (III ශ්‍රේණිය) ලෙස ස්ථිර පත්වීම් ලබා දී ඇත.
පරිසර අමාත්‍ය ධම්මික පටබැඳිගේ ප්‍රධානත්වයෙන් පරිසර අමාත්‍යාංශයේදී ඊයේ පැවති නිල උත්සවයට පරිසර රාජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි, අමාත්‍යාංශ ලේකම් කේ.ආර්. උඩුවාවල සහ වනජීවී සංරක්ෂණ අධ්යක්ෂ ජනරාල් රන්ජන් මාරසිංහ ද සහභාගී වූහ.
තරුණ තරුණියන් 100,000කට ස්ථිර රාජ්‍ය අංශයේ රැකියා ලබා දීමේ රජයේ පුළුල් ප්‍රතිපත්තියේ පියවරක් ලෙස මෙම පත්වීම් ලබා දී ඇත.
“වත්මන් රජය යටතේ මෙතරම් විශාල පිරිසකට එකවර ස්ථිර පත්වීම් ලබා දෙන පළමු අවස්ථාව මෙයයි,” අමාත්‍ය ධම්මික පටබැඳි රැස්ව සිටි පිරිස අමතමින් පැවසීය.
“මෙම බඳවා ගැනීම් අලි මිනිස් ගැටුමේ ජාතික අර්බුදය අවම කිරීම සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි කියලා බලාපොරොත්තු වනවා. අපට ඔවුන්ගේ ක්‍රියාකාරී සහ කැපවූ සහභාගීත්වය ඒ සඳහා අවශ්‍යයි ” යැයි ද ඔහු සඳහන් කළේය.
බඳවාගත් 50 දෙනෙකුට උත්සවයේදී සංකේතාත්මක පත්වීම් ලිපි ප්රදානය කරන ලදී.
අනෙක් අයට පළාත් මට්ටමින් ඔවුන්ගේ පත්වීම් ලිපි ලැබෙනු ඇත.
රට පුරා ඉහළ යන මිනිස්-අලි ගැටුමට ප්‍රතිචාරයක් ලෙස විදුලි වැට යටිතල පහසුකම් සඳහා රජය විසින් සිදු කරන ලද සැළකිව යුතු ආයෝජනය අමාත්‍ය පටබැඳි ඉස්මතු කළේය.
“මේ දක්වා, කිලෝමීටර් 5,644කට වඩා වැඩි දුරක් විහිදෙන විදුලි වැටවල් 437ක් ඉදිකර තිබෙනවා. මෙම වැටවල් බලගැන්වීම සඳහා අප සතුව දැන් විදුලි ඒකක 647ක් ක්‍රියාත්මක වනවා. මෙම යටිතල පහසුකම් කාර්යක්ෂමව නඩත්තු කිරීම එහි සාර්ථකත්වයට ඉතා වැදගත්,” ඔහු සඳහන් කළේය.
අලුතින් පත් කරන ලද නිලධාරීන්ට වැට නඩත්තු කිරීම පමණක් නොව, ග්‍රාමීය ප්‍රජාවන් සහ වනජීවීන් ආරක්ෂා කිරීම සඳහා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කිරීම ද පැවරෙන බව ඔහු අවධාරණය කළේය.
උත්සවයේදී කතා කරමින් රාජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි, පත්වීම්ලාභීන්ට ඔවුන්ගේ පුළුල් වගකීම මතක් කළේය.
“ඔබ වැටවල් රකින්නන් පමණක් නෙවෙයි. ඔබ දැන් පරිසර ආරක්ෂකයන්. ඔබේ කාර්යය සමස්ත පරිසර පද්ධතියේ සංරක්ෂණය සඳහා සහාය වනවා.” යනුවෙන් ඔහු පැවසීය.
මෙම පියවර මඟින් වැටෙහි ක්‍රියාකාරිත්වය සැළකිව යුතු ලෙස වැඩිදියුණු කිරීම, බෝග හා දේපළ හානි අවම කිරීම සහ අලි ඇතුන්ගේ ආක්රමණවලින් දිගු කලක් පීඩා විඳි ග්‍රාමීය ප්රජාවන්ගේ ජීවිත බේරා ගැනීම අපේක්ෂා කෙරේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart