
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තමන් බලයෙන් පහකිරීමේ කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පසුගියදා ප්‍රකාශයට පත්කළ කෘතිය තමන් කියවා නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කළේය.
රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු ඊයේ කියා සිටියේ තමාගේ නිවසේ එවැනි පොතක් නොමැති බවයි.
“ගෝඨාභය මට ඔහුගේ පොතේ පිටපතක්වත් දුන්නේ නැහැ,” යනුවෙන් ඔහු පැවසීය.
එම පොතේ ඩිජිටල් පිටපත හෝ කියවා ඇත්දැයි රූපවාහිනී නිවේදකයා විමසූ විට බැසිල් රාජපක්ෂ කියාසිටියේ, මේ දක්වා පොතේ එවැනි ඩිජිටල් පිටපතක් තමාට ලැබී නොමැති බවයි.
“ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය අංශයෙන් පොතේ පිටපතක් මට ලැබුණේ නැහැ,”යැයි ඔහු පැවසීය.
පසුව ඔහු කියා සිටියේ තමා පොත කියවීමටද අදහස් නොකරන බවයි.
“මේ පොත ගැන මගේ කිසිම තරහක් නැහැ. නමුත් ගෝඨාභය රාජපක්ෂ පොතක් ලිවීමට යන බවත්, එය සම්පූර්ණ කිරීමට විස්තර එකතු කරන බවත් මම නිල නොවන ලෙස දැනගත්තා,” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.
නාමල් රාජපක්ෂ පවා පොත මිලදී ගෙන ඇත්තේ පොත් සාප්පුවෙන් බව බැසිල් රාජපක්ෂ කියාසිටියේය.
එවිට රූපවාහිනී නිවේදකයා කියාසිටියේ, නාමල් තවමත් බබෙක් බව කියන නිසා ඔහුට එම පොත මිලදී ගත හැකි බවයි.
“ගෝඨාභය රාජපක්ෂගෙන් පොත ලබාගැනීමට මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපේ පවුල්වල වරදවා වටහාගැනීම් නැහැ. පොත මට නොදීම ගැන ප්‍රශ්නයක් නැහැ,” බැසිල් රාජපක්ෂ රූපවාහිනී වැඩසටහන අතරතුර පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart