
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අපහාසාත්මක වීඩියෝවක් නිර්මාණය කර සමාජ මාධ්‍ය ජාලා හරහා ප්‍රචාරය කරමින් යුද හමුදාපතිවරයාගේ කීර්ති නාමයට හානිකළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී නොසිටි වගඋත්තරකරුවන් සිව්දෙනෙකුට නැවත අධිකරණය හමුවේ පෙනීසිටින ලෙස දන්වා විදුලි සංදේශ නියාමන කොමිසන් සභා පනතේ වගන්තිය ප්‍රකාරව සිතාසි නිකුත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ අද(29) නියෝග කළේය.
එම වගඋත්තරකරුවන් සිව්දෙනාට ඊයේ දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා පෙර නඩු වාරයේදී සිතාසි නිකුත් කර තිබුණද ඔවුන් අධිකරණය හමුවේ පෙනීනොසිටීම සැළකිල්ලට ගනිමින් එම නියෝගය නිකුත් කෙරිණි.
ඒ අනුව මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි විතාරණගේ තුෂාර සාලිය රණවක, හා ලංකා වී නිවුස් (පෙරදිග ලංකා යූ නිව්ස්),ඕවර්සීස් හයරින්, හා ගුගල් LLC,D/B /A යූ ටියුබ් යන සමාජ මාධ්‍ය ජාලාවල සැකකරුවන් සිව්දෙනකුට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභා පනතේ 24 (1) වගන්තිය ප්‍රකාරව මෙසේ සිතාසි යැවීමට නියම කළේය.
එම සැකකරුවන්ගේ විද්‍යුත් ලිපිනයන්ට යොමුකරන ලද සිතාසි ඔවුන් දැක ඇති නමුත් ඒ සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බවද ඔවුන්ගේ වට්ස්ඇප් සමූහයන් තුළ පවා එම සිතාසි නිකුත් කිරීම සම්බන්ධයෙන් තොරතුරු හුවමාරුවේ තිබූ බවද පැමිණිලිකාර යුද හමුදාපතිවරයා වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරු අධිකරණයට පෙන්වා දුන්හ.
නීතිඥවරුන් අධිකරණයට දැක්වූ කරුණු සලකා බලමින් වගඋත්තරකරුවන්ට එසේ සිතාසි නිකුත් කරන ලෙසට මහේත්‍රාත්වරයා නියෝග කළේය.
යුද හමුදාපතිවරයාට අපහාසයක් වන ආකාරයෙන් සමාජ මාධ්‍ය ජාල හරහා ප්‍රචාරය කර ඇති වීඩියෝ පට වහාම ඉවත් කරන ලෙසත් තවදුරටත් එවැනි වීඩියෝ පට ප්‍රචාරය නොකරන ලෙසත් දන්වමින් මහේස්ත්‍රාත්වරයා වගඋත්තරකරුවන්ට පෙර නඩු වාරයේදී කොන්දේසි සහිත ආඥාවක්ද නිකුත් කර තිබිණි.
පැමිණිලිකාර යුද හමුදාපතිවරයා නීතිඥ එම්.කේ.එම්. ෆර්සාන් මගින් එම පැමිණිල්ල අධිකරණය හමුවේ ගොනුකර ඇත.
2024 අංක 9 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනතේ 24 වන වගන්තිය ප්‍රකාරව මෙම පෙත්සම ගොනුකර ඇත.
පැමිණිල්ල වෙනුවෙන් පසන් වීරසිංහ,ශිරාෆ් නූර්දීන්,හා ඊ.එස් ජයසිංහ ඇතුළු නීතිඥවරු පිරිසක්ද පෙනීසිටියහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart