
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජනාධිපති සමාව අහෝසි කරනු ලැබූ පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර භික්ෂුවට එරෙහිව පවතින සිරදඬුවම ක්‍රියාත්මක කිරීමේ නියෝගයක් නිකුත්කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන මෝසමක් අද අභියාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබිණි.
මෙම මෝසම අද මායාදුන්නේ කොරයා සහ ලක්මාලී කරුනානායක යන අභියාචනාදීකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවිණි.
එම අවස්ථාවේදී ඥානසාර භික්ෂුව අධිකරණය හමුවේ පෙනීසිටියේ නැත.
ඥානසාර භික්ෂුව වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ සඳහන් කළේ, සිය සේවාදායකයා අසනීප තත්ත්වයෙන් විවේක ගන්නා බවත්, මෙම මෝසම පිළිබඳව අධ්‍යයනය කරුණු දැක්වීම සඳහා තමන්ට දිනයක් ලබාදෙන ලෙසත් ඉල්ලා සිටින බවත්ය.
එහෙත් රජයේ නීතිඥ සජිත් බණ්ඩාර සඳහන් කළේ මෙය අපරාධ නඩුවක් බවයි.
විත්තිකරු අධිකරණයට නොපැමිණෙන්නේ නම් වරෙන්තු නිකුත් කරන ලෙසත් රජයේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
අදාළ මෝසම පිළිබඳව අධ්‍යයනය කර කරුණු දැක්වීම සඳහා කාල වේලාව ලබාදෙන ලෙස ඥානසාර භික්ෂුවගේ නීතිඥවරයා කළ ඉල්ලීමකට අනුව මෙම නඩුව ස්වල්ප වෙලවකට කල් තැබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart