
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වැසීයෑමේ තර්ජනයට ලක්ව ඇති පර්යන්ත රෝහල් සහ විශේෂඥ ඒකක සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණයක් ගෙන ඇත.
ඒ අනුව, වැසීයෑමේ තර්ජනයට ලක්ව ඇති පර්යන්ත රෝහල් සහ විශේෂඥ ඒකක වල තොරතුරු ඉදිරි සති 02ක කාලය තුළ එක්රැස් කිරීමට හා එම සමීක්ෂණයේ ප්‍රතිඵල මත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ලෙස හඳුනාගන්නා පර්යන්ත රෝහල්වල සහ ඒකක වල සේවාවන් සමාලෝචනය කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කරයි.
එහිදී සමහර පර්යන්ත ඒකකවල වෛද්‍යවරුන් එම ඒකකවලින් ඉවත් කර ප්‍රධාන රෝහල්වලට අනුයුක්ත කරමින්, එම රෝහල්වල සේවාවන් හැකි උපරිමයෙන් පවත්වා ගැනීමට උත්සාහ කරන බවද එම සංගමය සඳහන් කරයි.
ඖෂධ අර්බුදය ඇතුළු වත්මන් සෞඛ්‍ය අර්බුදයට සෘජුව වගකිවයුතු ආසන්නතම බලධාරියා වන සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලට මෙම ගැටළු විසඳීම සඳහා ඔක්තෝබර් 11වැනිදා දක්වා කාලය ලබාදෙන බව පවසන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, ඉන් අනතුරුව දිවයින පුරා අඛණ්ඩ විරෝධතා මාලාවක් දියත් කරන බවටද අනතුරු අඟවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart