September 27, 2026

ජනාධිපති ලේකම් කාර්යාලය සඳහා මෙහෙයුම් කල්බදු (Operational Leasing) පදනම මත මෝටර් රථ 16ක් සපයාගැනීම වෙනුවෙන් සුදුසුකම් ලත් ලංසුකරුවන්ගෙන් මුද්‍රා තැබූ ලංසු කැඳවීමට ජනාධිපති ලේකම් වෙනුවෙන් ප්‍රසම්පාදන කමිටු සභාපතිවරයා කටයුතු කර ඇත.

මෙම ලංසු කැඳවීම ජාතික තරගකාරී ලංසු තැබීමේ (National Competitive Bidding) ක්‍රමවේදය යටතේ සිදුකරන අතර, අදාළ කොන්ත්‍රාත් කාලසීමාව මාස 36කි.

ලංසුකරුවන් සඳහා වන සුදුසුකම් මෙසේය:

– ශ්‍රී ලංකාවේ පවතින ලෝ ප්‍රකට වාහන සන්නාමවල නියෝජිතයන්, ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි මුල්‍ය ආයතන හෝ අවම වශයෙන් වාහන 05ක බලඇණියක් සහිත ලියාපදිංචි වාහන කුලියට දෙන ආයතන (Rent a Car Companies) විය යුතු අතර, 2007 අංක 07 දරන සමාගම් පනත යටතේ ලියාපදිංචි වී තිබිය යුතුය.

– සපයනු ලබන වාහන ලබාදෙන අවස්ථාව වන විට ධාවනය කර ඇති කිලෝමීටර ප්‍රමාණය 50,000කට වඩා අඩු විය යුතුය.

– 1987 අංක 03 දරන රජයේ කොන්ත්‍රාත් පනතට අනුකූලව PCA3 සහතිකය (අදාළ වේ නම්) ඉදිරිපත් කළ යුතුය.

– රහස්‍ය එකඟතාවලින් තොර බවට වන දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කළ යුතුය.