
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
QR කේත ක්‍රමය යටතේ නිකුත් කර ඇති ඉන්ධන කෝටාව වෛද්‍යවරුන්ට ඔවුන්ගේ රාජකාරි ඉටුකිරීමට ප්‍රමාණවත් නොවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) පවසයි.
වත්මන් ක්‍රමය යටතේ මෝටර් රථ සඳහා සතියකට ඉන්ධන ලීටර් 15 ක් පමණක් අවසර දී ඇති බවත්, එය වෛද්‍ය නිලධාරීන්ට ප්‍රායෝගික නොවන බවත් GMOA මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කරයි.
රෝහල් වෛද්‍යවරුන්ගේ නිවාසවලට ඉතා ආසන්නව පිහිටා තිබේ නම් පමණක් කෝටාව ප්‍රමාණවත් විය හැකි නමුත් බොහෝ වෛද්‍ය නිලධාරීන් සඳහා මෙය එසේ නොවන බව ඔහු පෙන්වාදෙයි.
“සතිපතා කෝටාවට අනුව අපට දිනකට පාවිච්චි කරන්න පුළුවන් පෙට්‍රල් ලීටර් දෙකක් පමණයි. වර්තමාන රථවාහන තදබදය සලකා බැලීමේදී ඒ ප්‍රමාණය ප්‍රායෝගික නැහැ. දිනකට ඉන්ධන ලීටර් දෙකකින් පමණක් වාහනයක් කොච්චර දුරක් ධාවනය කරන්න පුලුවන්ද?” ඔහු ප්‍රශ්න කරයි.
බොහෝ වෛද්‍යවරුන් ඇමතුම් රාජකාරියේ(On-call) යෙදී සිටින අතර ඕනෑම වේලාවක රෝහල්වලට වාර්තා කිරීමට සිදුවිය හැකි බවත්, එහිදී අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවා පවත්වාගෙන යෑමට වත්මන් ඉන්ධන දීමනාව ප්‍රමාණවත් නොවන බවත් වෛද්‍ය විජේසිංහ තවදුරටත් පවසයි.
වෛද්‍යවරුන් මුහුණදෙන දුෂ්කරතා පැහැදිලි කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යවා ඇති බවත්, අඛණ්ඩ වෛද්‍ය සේවාවන් සහතික කිරීම සඳහා එමගින් තිරසාර විසඳුමක් ඉල්ලා ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart