
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රට තුළ නැවත වතාවක් කොවිඩ්-19 වෛරසය ව්‍යාප්ත වීමේ තර්ජනයක් නොපවතින නමුත්, වෛරසය සම්බන්ධ සෞඛ්‍ය අවදානම් සහ රෝග ලක්ෂණ පිළිබඳව අවධානයෙන් සිටින ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) මහජනතාවගෙන් ඉල්ලා සිටී.
මෑතකාලීනව වාර්තා වන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යෑම සම්බන්ධයෙන් ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කරන්නේ, ශ්‍රී ලංකාව තුළ කළින් පැතිරගිය ආකාරයේ කොවිඩ්-19 ව්‍යාප්තියක් ඇතිවීමේ බරපතල තර්ජනයක් නොමැති බවයි.
කෙසේවෙතත්, වකුගඩු හෝ හෘද ආශ්‍රිත රෝග, දියවැඩියාව, පිළිකා වැනි බෝ නොවන රෝග පවතින පුද්ගලයන් මෙන්ම, ගැබිණි කාන්තාවන්, කුඩා දරුවන්, වැඩිහිටියන් වැනි අවදානමට ලක්විය හැකි කාණ්ඩවලට අයත් පිරිස් සහ දිගු කාලීන රෝග සඳහා ප්‍රතිකාර ලබන තැනැත්තන් යහපත් සෞඛ්‍ය තත්ත්වයක් පවත්වා ගැනීමේදී වැඩි සැළකිල්ලක් දැක්විය යුතු බව වෛද්‍ය චමිල් විජේසිංහ අවධාරණය කරයි.
ශ්‍රී ලාංකිකයන් තවත් කොවිඩ්-19 ව්‍යාප්තියකට මුහුණදීමේ අවදානමක පසුවේදැයි කරන ලද විමසීමකට පිළිතුරු ලබාදෙමින් වෛද්‍ය විජේසිංහ ප්‍රකාශ කර ඇත්තේ, මෙම මාරාන්තික වෛරසයට එරෙහිව එන්නත් ලබාදීමේ සාර්ථක ප්‍රතිශතයක් පවතින රටවල එවැනි නැවත වයිරසය ව්‍යාප්තීන් වාර්තාවී නොමැති බව පෙනී යන බැවින්, එවැනි බියක් ඇති කරගත යුතු නැති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart