
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා හම්බන්තොට ප්‍රදේශයේ පැවැති මැයි දින රැලියක් අමතමින් සිදු කළ ප්‍රකාශයකට විරෝධය දක්වන ලිපියක්, ගල්අඟුරු ආනයනය කිරීමේදී සිදුව ඇතැයි පැවසෙන අක්‍රමිකතා හා දූෂණ සෙවීම සඳහා පත්කරන ලද විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයකින් සමන්විත ‘මානව හිතවාදී ඒකාබද්ධ විපක්ෂය’ නම් සංවිධානය ඊයේ (19දා) භාරදුන්නේය.
ටිල්වින් සිල්වා සිය මැයි දින කතාවේදී ප්‍රකාශ කර තිබුණේ මාස තුනකට පසු කොමිසමේ වාර්තාව නිකුත් කිරීමට නියමිත බවත් ඉන් වර්තමාන රජය වැරැද්දක් නොකළ බව සනාථ වන බව හා වංචා කළ තැනැත්තන්ට සිරඳඩුවම් විඳීමට සිදුවන බවයි.
මෙම ප්‍රකාශයට විරෝධය දක්වමින් ‘මානව හිතවාදී ඒකාබද්ධ විපක්ෂය’ට අයත් පක්ෂ සහ පුද්ගලයන් කිහිපදෙනකු කොමිෂන් සභාවේ සභාපතිවරයාට ලිපියක් භාර දී ඇත.
මානව හිතවාදී ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් මහාචාර්ය ජී. එල්. පීරිස්, නිමල් සිරිපාල ද සිල්වා (ශ්‍රීලනිප), අජිත් මාන්නප්පෙරුම (එජාප), අසංක නවරත්න (මහජන පක්ෂය), බන්දුල චන්ද්‍රෙස්කර (එක්සත් ජනරජ පක්ෂය), සුගීශ්වර බණ්ඩාර (නව ජනතා පෙරමුණ), පේශල සේරසිංහ (සමසමාජ) යන මහත්වරු මෙම ලියවිල්ලට අත්සන් තබා ඇත.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ‘සත්‍ය ගවේෂකයෝ’ සංවිධානයේ කැඳවුම්කාර ප්‍රේමනාත් සී. දොළවත්ත එහිදී ජනමාධ්‍යයට අදහස් දක්වමින්, ගල්අඟුරු කොමිසම යනු දූෂිත දේශපාලනඥයන් සහ නිලධාරීන් රැක ගැනීම සඳහාම නිර්මාණය කරන ලද තිරනාටකයක් බව කියාසිටියේය.
ටිල්වින් සිල්වා සිදුකළ අභද්‍ර ප්‍රකාශය හේතුවෙන් කොමිසමේ ස්වාධීනත්වයට සහ සමස්ත විමර්ශන ක්‍රියාවලියටම විශාල කළු පැල්ලමක් වැදී ඇති බවත්, “අපේ ඇමැතිවරු නිදහස් වන බවත් අනෙක් අය වැරදිකරුවන් වෙනවා” යනුවෙන් පැවසීම අධිකරණයට සහ කොමිසමට සිදුකළ බරපතළ අපහාසයක් බැවින් ගල්අඟුරු වංචාව සෙවීමට ප්‍රථම මෙම ප්‍රකාශය පිළිබඳ විධිමත් විමර්ශනයක් කළ යුතු බවත් ඔහු ඉල්ලා සිටියේය.(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart