
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දැනට ප්‍රසිද්ධ කර ඇත්තේ අස්වැසුම සුභසාදන ප්‍රතිලාභීන්ගේ අවසන් නාම ලේඛනය නොවන බව, වැඩ බලන මුදල් ඇමැති ෂෙහාන් සේමසිංහ පවසයි.
අනුරාධපුරයේ අද(24) පැවැති ජනමාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේ, ඊට අදාළව විරෝධතා සහ අභියාචනා ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා ඇති බවයි.
විරෝධතා ඉදිරිපත්ව නොමැති ප්‍රතිලාභීන්ට පළමු වාරිකය ජුලි මාසයේ ලබාදෙන බවද ඔහු කියා සිටියේය.
විරෝධතා සහ අභියාචනා ඉදිරිපත් කිරීමට දින 10 ක කාලයක් ලබාදෙන බවද වැඩ බලන මුදල් ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
රජය විසින් අඩු ආදායම්ලාභීන්ට සහනාධාර ලබා දීමේ අරමුණින් ආරම්භ කළ අස්වැසුම වැඩසටහනේ, ප්‍රතිලාභ ලබන තැනැත්තන්ගේ ප්‍රසිද්ධියට පත්කර ඇති නාම ලේඛනයට දිවයින පුරාම විරෝධතා ගොඩනැගෙමින් පවතී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart