
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සිය කාර්යමණ්ඩලය සමග සීතාවකපුර ප්‍රදේශයේ සාදයකට ගොස් පැමිණි තරුණියක් ඊයේ (25)අලුයම හදිසි අසනීප තත්වයක් හෙතුවෙන් වරකාපොළ රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව වරකාපොළ පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ, නිට්ටඹුව පෞද්ගලික බැංකුවක සේවය කරමින් සිටි, වරකාපොළ අඹේපුස්ස මාහේන ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි, රාජපක්ෂ ආරච්චිලාගේ සෙනාලි රාජපක්ෂ නමැති, අවිවාහක තරුණියක බව පොලිසිය කියයි.
මියගිය තරුණියගේ මවුපියන් වරකාපොළ අඹේපුස්ස මාහේන ප්‍රදේශයේ වෙළෙඳ ව්‍යාපාරිකයන් බවත්, ඇය තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයෙන් – 2022 වර්ෂයේ අධ්‍යයන පොදු සහතිකපත්‍ර උසස් පෙළ විභාගයට පෙනීසිට, පෞද්ගලික විශ්වවිද්‍යාලයක ගිණුම්කරණය පිළිබඳ උපාධියක් හදාරන බවත් පොලිසිය සඳහන් කරයි.
නිට්ටඹුව පෞද්ගලික බැංකුවක මාස 10ක පමණ කාලයක සිට සේවය කර ඇති තරුණිය පෙරේදා (24) බැංකුවේ කාර්යමණ්ඩලය සමග සීතාවකපුර ප්‍රදේශයේ පැවැති උත්සවයකට ගොස් ඇති බවත් පොලිසිය කියයි.
පසුව තරුණිය රාත්‍රී 8.30ට පමණ නිවෙසට පැමිණ, නිවෙසේ ඉහළ මහලයට ගොස් ඇති බවත්, මව ආහාර ගැනීමට කතාකළත්, තරුණිය ආහාර ගැනීමට නොහැකි බව දන්වා නින්දට වැටී ඇති බවත්. නිවැසියන් පවසන බව පොලිසිය කියයි.
තරුණිය ඊයේ (25) අලුයම 3.00ට පමණ පහළ මහලට පැමිණ, තමාට අමාරුයි යැයි මවුපියන්ට පැවැසීමෙන් පසුව, මවුපියන් ඇය ඇය වරකාපොළ රෝහලට ඇතුළත් කර ඇත.
ඒ වන විටත් තරුණිය මියගොස් ඇති බව පැවැසේ.
මියගිය තරුණියගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (25) සවස කෑගල්ල මහ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි විසින් සිදුකෙරිණි.
ශරීර කොටස් වැඩිදුර පරීක්ෂණ කටයුතුවලට යොමුකළ බැවින්, එතෙක් මරණයට හේතුව විවෘත තීන්දුවක් බවට වරකාපොළ පරීක්ෂකවරයා තීන්දු කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart