
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා රන් වංචාවක් සම්බන්ධයෙන් ඝානාවේ බලධාරීන් වෙත පැමිණිල්ලක් ගොනු කළ බව පිළිගත්තද, ගනුදෙනුවේදී තමා රැවටීමට හෝ වංචා කිරීමට ලක් නොවූ බව පැහැදිලි කර තිබේ.
ශ්‍රී ලංකා මන්ත්‍රීවරයෙකු ඇමරිකානු ඩොලර් මිලියන 2 ක රන් වංචාවකට ගොදුරු වී ඇති බවට ඝානාවේ ප්‍රධාන ප්රවෘත්ති ඒජන්සිය ඇතුළු ඝානා ජනමාධ්‍ය ආයතන කිහිපයක් විසින් කරන ලද වාර්තාවලින් පසුව ඔහුගේ ප්‍රකාශය නිකුත් විය.
මෙම වංචාව මෙහෙයවූ බවට චෝදනා ලැබූ සැකකරුවන් 11 දෙනකුට ඇක්රා පරිපථ අධිකරණය ඇප ලබා දී ඇති බව වාර්තාවල සඳහන් විය.
ශ්‍රී ලංකා මන්ත්‍රීවරයා ගෙවීමක් කළ නමුත් පොරොන්දු වූ රත්රන් ලබාදී නොමැති බවට ඝානා ජනමාධ්‍ය වාර්තා තවදුරටත් චෝදනා කළේය.
දැන් මන්ත්‍රීවරයාගේ මාධ්‍ය අංශය විසින් නිකුත් කරන ලද පැහැදිලි කිරීමකදී, මන්ත්‍රී හිස්බුල්ලා මෙම ප්‍රකාශ “සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ දේශපාලනික වශයෙන් අභිප්‍රේරිත” බව ප්‍රතික්ෂේප කරන අතර, ගනුදෙනුවේදී තමා රැවටුණු බවට වන සඳහනේ කිසිදු සත්‍යතාවයක් නොමැති බව අවධාරනය කරයි.
එම ප්‍රකාශයට අනුව, ආචාර්ය හිස්බුල්ලා සෞදි අරාබි ව්‍යාපාරික කණ්ඩායමක් සමඟ ඝානාවට ගොස් ඇත්තේ නීත්‍යානුකූල ව්‍යාපාරික අරමුණු සඳහා ය.
සංචාරය අතරතුර, ඇතැම් පුද්ගලයන් වංචනික ක්‍රියාවක් සිදුකිරීමට උත්සාහ කරන බව ඔහු දැනගත් අතර වහාම ඝානා ආරක්ෂක බලධාරීන්ට ඒ බව දැනුම් දී ඇත.
පසුව පොලිසිය වංචා කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
“මෙම සිද්ධියට ආචාර්ය හිස්බුල්ලාට කිසිදු සම්බන්ධයක් නොමැති බව අපි නැවත වරක් අවධාරණය කරමු,” යනුවෙන් ප්‍රකාශයේ සඳහන් වන්නේ, “දේශපාලන අරමුණු සඳහා අසත්‍ය සහ නොමඟ යවන තොරතුරු පතුරුවා හැරීම” පිළිබඳව කනගාටුව පළකරමිනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart