
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වර්ෂ 1765 දී ලන්දේසීන් මහනුවර රාජමාලිගාව වටලන අවස්ථාවේ දී ලන්දේසි පෙරදිග ඉන්දීය වෙළෙඳ සමාගම මෙරට කෞතුක භාණ්ඩ රැගෙන ගොස් ඇති බවට තහවුරු වී ඇත.
එම කෞතුක භාණ්ඩ නැවත ලබා ගැනීමට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ඇමැති විදුර වික්‍රමනායක කරන ලද රාජ්‍ය තාන්ත්‍රික ඉල්ලීමට අනුව ඉන් භාණ්ඩ 06ක් ඉදිරියේදී මෙරටට ලබාදීමට නියමිතව තිබේ.
ඒ අනුව, ඇමැතිවරයා සහ නෙදර්ලන්තයේ සංස්කෘතික සහ මාධ්‍ය ලේකම් ගුනේ උස්ලු ඒ සම්බන්ධයෙන් වූ ගිවිසුමට ඊයේ (28) අත්සන් කර ඇත.
එහිදී නෙදර්ලන්තයේ සංස්කෘතික සහ මාධ්‍ය ලේකම් ගුනේ උස්ලු මෙසේ සඳහන් කර තිබේ.
”මේ භාණ්ඩ සියවස් දෙකහමාරකට කලින් හොරකම් කළා. ඒවා රටින් අරගෙන ගියා. ඇමැතිවරයා රටවල් දෙක අතර තියෙන ඉතිහාසය පිළිබඳව ලස්සන වදන් පෙළක් කිව්වා. මේ පිළිබඳව පත්කළ නෙදර්ලන්තයේ කමිටුව ශ්‍රී ලංකාවේ කමිටුවත් සමඟ සමීපව වැඩකළා. මේ හැම භාණ්ඩයක් පිළිබඳව හොඳ පර්යේෂණයක් සිදුකළා. නෙදර්ලන්තයේ අපිට මේක හොඳ අත්දැකීමක්. අමතක කරන්න එපා මෙය ඓතිහාසික අවස්ථාවක්.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart