
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රුපියල් මිලියන 108ක් වටිනා ‘කොකේන්’ මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන මෙරටට පැමිණි විදේශීය ගුවන් මගීයෙකු ඊයේ (15) උදෑසන කටුනායක ගුවන් තොටුපොළදී අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු එම මත්ද්‍රව්‍ය හරිත මාවත ඔස්සේ පිටතට රැගෙන යාමට තැත්කිරීමේදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරී භාරයට ගෙන ඇත.
මෙම සැකකරු 60 හැවිරිදි වියේ පසුවන ඉන්දීය ජාතික භූ විද්‍යාඥයෙකි.
ඔහු මෙම මත්ද්‍රව්‍ය තොගය උගන්ඩාවේ කම්පාලා නුවරින් රැගෙන, කටාර් රාජ්‍යයේ දෝහා වෙත පැමිණ, එතැන් සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 664 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබේ.
ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ලේ , සහතික පත්‍ර බහාලන ෆයිල් කවර 02 ක් තුළ සූක්ෂම ලෙස සගවා, කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 02 ග්‍රෑම් 150 ක් රැගෙන විත් ඇත.
මේ සම්බන්ධ වැඩිදුර විමර්ශන කටයුතු සදහා, මෙම ගුවන් මගියා සහ ඔහු විසින් රැගෙන ආ කොකේන් මත්ද්‍රව්‍ය තොගය, කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart