
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බ්‍රිතාන්‍ය සමාගමක් වන සොතෙබි විසින් හොංකොං හි මැයි මාසයේදී වෙන්දේසි කිරීමට නියමිතව තිබූ නමුත් ඉන්දීය රජයේ විරෝධතා හේතුවෙන් අත්හිටුවා යළි ඉන්දියාවට ගෙන්වාගනු ලැබූ බුදුන් වහන්සේගේ ධාතු සමග පැවැති ප්‍රිපාවා මැණික් එකතුව නවදිල්ලියේදී මහජන ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කිරීමට නියමිත බව ඉන්දීය සංස්කෘතික අමාත්‍යාංශය පවසයි.
එම අමාත්‍යංශය අනුව ප්‍රදර්ශනය මාස තුනක කාලයක් පැවැත්වෙන නමුත්, එය ආරම්භ කෙරෙන නිශ්චිත දිනයක් මෙතෙක් ප්‍රකාශයට පත්කර නොමැත.
ඉන්දියාවේ ප්රමුඛ පෙළේ පෞද්ගලික අංශයේ සමාගමක් වන Godrej Industries Group මගින් වෙන්දේසිකරුවන්ගෙන් හෙළිනොකළ මිලකට ස්වර්ණාභරණ මිලදී ගෙන තිබිණි.
කෙසේවෙතත් ඇතැම් ජනමාධ්‍ය වාර්තා අනාවරණ කර තිබුණේ Godrej Industries Group මගින් පෙපේ වෙන්දේසිකරුවන්ට ස්වර්ණාභරණවල වටිනාකම ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 100කට වඩා වැඩි මුදලක් ගෙවා ඇති බවයි.
බ්‍රිතාන්‍ය යටත්විජිත යුගයේ කොල්ලකන ලද ස්වර්ණාභරණ ආපසු රටට ලබාගැනීමේ මෙහෙයුමට දායකත්වය දුන් ඉන්දීය මධ්‍යම සංස්කෘතික අමාත්‍ය ෂෙකාවත් පැවසුවේ, එම මැණික් තොගය යළි ලබාගැනීම ඉන්දියාවේ රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයේ ආදර්ශමත් අවස්ථාවක් බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart