
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක ගෞතම් ගාම්භීර් පත්කර තිබේ.
ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධානි ජේ ෂා පවසන්නේ, ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස ගෞතම් ගාම්භීර් පිළිගැනීමට ලැබීම සතුටට කරුණක් බවයි.
” නූතන ක්‍රිකට් ක්‍රීඩාව ශීඝ්‍රයෙන් පරිණාමය වී ඇති අතර, ගෞතම් මෙම වෙනස්වන භූ දර්ශනය සමීපව දැක ඇත. ඔහුගේ ක්‍රිකට් දිවිය පුරාවටම විවිධ භූමිකාවන්හි විශිෂ්ඨත්වයට පත් වී ඇති නිසා, ඉන්දීය ක්‍රිකට් ඉදිරියට ගෙන යෑමට සුදුසුම පුද්ගලයා ගෞතම් බව මට විශ්වාසයි.” යනුවෙන් ෂා ප්‍රකාශ කර තිබේ.
“ඉන්දීය කණ්ඩායම කෙරෙහි ඔහුගේ පැහැදිලි දැක්ම, ඔහුගේ අතිවිශාල අත්දැකීම් සමඟින්, මෙම උද්යෝගිමත් සහ වඩාත්ම වැදගත් පුහුණුකරු භූමිකාව භාරගැනීමට ඔහුව පරිපූර්ණ කරයි. ඔහු මෙම නව ගමන ආරම්භ කරන විට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ඔහුට පූර්ණ සහාය දක්වයි.” යනුවෙන් ෂා වැඩිදුරටත් දනදහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart