
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු රාජ්‍ය බුද්ධි සේවා අධ්යක්ෂ මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සුරේෂ් සලෙයිගේ ජංගම දුරකථනයේ සහ පරිගණකයේ මුරපද (passwords) විමර්ශකයන් වෙත ලබාදීමට ඔහුට බල නොකළ යුතු බවට පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල අද හේතු හතරක් ඉදිරිපත් කරමින් කියා සිටියේය.
අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ගම්මන්පිල සඳහන් කළේ, සලෙයිට තම මුරපද ලබාදෙන ලෙස අධිකරණය නිකුත් කළ නියෝගයට තමන් ගරු කරන නමුත්, එම තීරණය සමඟ එකඟ විය නොහැකි බවයි.
එමෙන්ම සලෙයිගේ නීතිඥ කණ්ඩායම ඊට එරෙහිව ඉදිරියේදී අභියාචනයක් ඉදිරිපත් කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවද ඔහු පැවසීය.
“අපි අධිකරණ නියෝගයට ගරු කරනවා, නමුත් එකඟ වෙන්නේ නැහැ. සලෙයිගේ නීතිඥවරු නිසි නීතිමය ක්‍රියාවලිය හරහා මෙම නියෝගයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරාවි කියලා මම විශ්වාස කරනවා,” යනුවෙන් ඔහු පැවසුවේය.
මෙහිදී ගම්මන්පිල තම ප්‍රථම කරුණ ලෙස තර්ක කළේ, ශ්‍රී ලංකාවේ අපරාධ නඩු විධාන සංග්‍රහය අනුව, සැකකරුවෙකුට තමන්ටම එරෙහිව කෙරෙන විමර්ශනයකට සහාය දෙන ලෙස බලකළ නොහැකි බවයි. සැකකරුවෙකුට තමන්ට එරෙහි විමර්ශනයකට සහාය වීමේ කිසිදු බැඳීමක් නොමැති අතර, අවශ්‍ය නම් නිශ්ශබ්දව සිටීමේ අයිතිය ඔහුට ඇති බව හෙතෙම පෙන්වා දුන්නේය.
දෙවැනි හේතුව ලෙස ඔහු කියා සිටියේ, මුරපද හෙළි කරන ලෙස විමර්ශකයන් හෝ රාජ්‍ය නිලධාරීන් විසින් සැකකරුවෙකුට බලපෑම් කිරීම, තර්ජනය කිරීම හෝ පොළඹවා ගැනීම් සිදු නොකළ යුතු බවයි. එවැනි හැසිරීම් අනිසි බලපෑම් කිරීම් ගණයට වැටෙන බවත්, රජයේ නියෝජිතයන් විසින් මෑතකදී කරන ලද ප්‍රසිද්ධ ප්‍රකාශ හරහා එවැනි බලපෑමක් එල්ල වී ඇති බවත් ඔහු චෝදනා කළේය.
ගම්මන්පිලට අනුව තෙවැනි හේතුව වන්නේ, සලෙයිගේ විද්‍යුත් උපාංගවල ඔහුගේ 38 වසරක බුද්ධි සේවා ජීවිතය තුළ ගොඩනඟා ගත් අතිශය සංවේදී බුද්ධි තොරතුරු සහ මූලාශ්‍ර අඩංගු විය හැකි වීමයි.
“එම උපාංගවල බුද්ධි තොරතුරු සපයන මූලාශ්රවල විස්තර තිබෙන්න පුළුවන්. ඇතැම් මූලාශ්‍ර තොරතුරු සපයන්නේ පුද්ගලික විශ්වාසය මතයි. තවත් සමහරු සමීප පුද්ගලික සබඳතා, ඒ කියන්නේ ‘හනී ට්‍රැප්’ වැනි ක්‍රම හරහා ක්‍රියාත්මක වෙනවා. ඔවුන්ගේ අනන්‍යතාවන් හෙළි කිරීමෙන්, ජීවිතය පරදුවට තබා බුද්ධි තොරතුරු සැපයූ පුද්ගලයන්ගේ ජීවිත අනතුරේ වැටෙන්න පුළුවන්,” යැයි ඔහු පැවසීය. බුද්ධි නිලධාරීන් බොහෝ විට තොරතුරුකරුවන්ගේ අනන්‍යතාව රැකගැනීම සඳහා සංකේත නාම (code names) භාවිතා කරන බවත්, ඔවුන්ගේ සැබෑ අනන්‍යතාව දන්නේ අදාළ බුද්ධි නිලධාරියා පමණක් බවත් ඔහු සඳහන් කළේය.
හතරවැනි හේතුව ලෙස ගම්මන්පිල මහතා 2002 වසරේ සිදුවූ මිලේනියම් සිටි සිදුවීම පෙන්වා දුන්නේය. මීට පෙර මෙලෙස බුද්ධි තොරතුරු හෙළිදරව් කිරීම් හේතුවෙන් බරපතළ ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදු වූ බව ඔහු වැඩිදුරටත් තර්ක කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart