
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2023 ආසියානු කුසලාන තරගාවලිය අතරතුර ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩක සහ භාරතීය ජනතා පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගෞතම් ගාම්භීර් ප්‍රේක්ෂකයන්ට සිය දකුණතේ ඇඟිල්ලක් දිගුකර සිය කෝපය ප්‍රකාශ කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ වන විට සමජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් පැතිර යමින් තිබේ.
බොහෝ ක්‍රිකට් ප්‍රක්ෂකයන් ගාම්භීර්ගේ මෙම ක්‍රියාව දැඩිව විවේචනයට ලක්කර ඇත.
කෙසේවෙතත් ගාම්භීර් පවසා ඇත්තේ තරගයක් අතරතුර ඉන්දීය විරෝධී සටන් පාඨ නඟමින් කාශ්මීරය සම්බන්ධයෙන් අදහස් පළකළ ප්‍රේක්ෂකයන් කිහිපදෙනකුට තමා සාමාන්‍ය පරිදි ප්‍රතිචාර දැක්වූ බවයි.
“ඔබ ඉන්දීය විරෝධී සටන් පාඨ නඟමින් කාශ්මීරය ගැන කතා කළහොත්, ඔබට ඉදිරියෙන් සිටින පුද්ගලයා පැහැදිලිවම ප්‍රතිචාර දක්වනු ඇති අතර සිනහ නොවී පිටව යනු ඇත.” යැයි ඔහු පවසා ඇත.
“සමාජ මාධ්‍යවල පෙන්වන දෙයෙහි සත්‍යතාවක් නැහැ. මොකද මිනිසුන් පෙන්වීමට අවශ්‍ය ඕනෑම දෙයක් පෙන්වයි. වෛරසයට ලක් වූ වීඩියෝවේ සත්‍යය නම්, ඔබ ඉන්දීය විරෝධී සටන් පාඨ නඟමින් කාශ්මීරය ගැන කතා කළහොත් ඔබට පෙර සිටින පුද්ගලයා පැහැදිලිවම ප්‍රතිචාර දක්වනු ඇති අතර සිනහවකින් තොරව පිටව යන බවයි. කාශ්මීරය ගැන, ඉන්දියා විරෝධී දේවල් කතා කරන පාකිස්ථාන් ජාතිකයන් 2-3 දෙනෙක් එහි හිටියා. ඉතින්, එය මගේ ස්වභාවික ප්‍රතික්‍රියාවක් වුණා. මට මගේ රටට විරුද්ධව කිසිම දෙයක් අහන්න බැහැ. ඉතින් ඒක තමයි මගේ ප්‍රතිචාරය…” යයි ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.
‼️ SHAMEFUl GESTURE by BJP MP @GautamGambhir ‼️
◼️ BJP MP @GautamGambhir Shows Middle Finger to Indian cricket fans.
◼️ Will @smritiirani shout now over this vulgar gesture of the BJP MP to a stadium packed with Indian Fans
Just like she did over an alleged Flying Kiss? pic.twitter.com/SscDeSCxnr
— AAP (@AamAadmiParty) September 4, 2023
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart