
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජූනි මාසයේ සිට ඉන්ධන කෝටාව දෙගුණයකින් ඉහළ දැමීමට හැකිවනු ඇතැයි විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර පවසයි.
ඉන්ධන මිල සංශෝධනයට සමගාමීව ඉන්ධන කෝටාවේ සංශෝධනයක්ද සිදුකිරීමට සැලසුම් කර ඇති බව ඇමැතිවරයා සඳහන් කරයි.
වැලිගම ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඇමැති කංචන විජේසේකර ඒ පිළිබඳව මෙසේද ප්‍රකාශ කළේය.
“මීට මාස එකහමාරකට පෙර අපි අලුත් අවුරුදු සමයේ ඉන්ධන කෝටාවෙ වැඩි කළා. එහෙම වැඩිකළාම විශාල පීඩනයක් තිබුණේ නැහැ අපේ විදේශ සංචිතවලට. ජනාධිපතිවරයාත් අපෙන් දිගින් දිගටම ඉල්ලීම් කළා මේක තව වැඩිකරන්න පුළුවන්ද බලන්න කියලා. ඒ හින්දා අපි ඊළඟ ඉන්ධන මිල සංශෝධනයෙන් පස්සේ ලබන ජූනි මාසය තුළ නැවත වතාවක් ඒ ඉන්ධන කෝටාව වැඩිකරන්න කටයුතු කරනවා. දැනට යතුරුපැදියකට ලීටර් හතයි දීලා තියෙන්නේ… ඒක දාහතරක් කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ත්‍රීරෝද රථයට තියෙන ලීටර් හතත් දාහතරක්ක බවට පත්කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. එතකොට අනිත් ඒවාටත් ඒ හා සමානවම ඉන්ධන කෝටාව වැඩිකරනවා. වැඩිවෙන ප්‍රමාණයන් ටික අපි නිවේදනය කරනවා මිල සංශෝධන වෙන අවස්ථාවේදීම.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart