March 24, 2026

මෑතකදී ඉන්ධන මිල සංශෝධනය කරන ලද්දේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව භාවිත කරන ‘ඉන්ධන මිල සුත්‍රයට’ අනුව නොවන බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස අනාවරණය කළේය.

කැබිනට් තීරණ දැනුම්දීමේ ජනමාධ්‍ය හමුවට එක්වෙමින් ඇමැතිවරයා සඳහන් කරන ලද්දේ, මැදපෙරදිග අර්බුදය හමුවේ කෙටි කාලයක් ඇතුළත ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල විශාල ලෙස ඉහළ යෑම හේතුවෙන්, තවදුරටත් මිල සුත්‍රයට අනුව දේශීය වෙළඳපොළේ මිල ගැලපිය නොහැකි බවයි.

ඩොලර් 70 මට්ටමේ පැවැති බොරතෙල් බැරලයක මිල ඩොලර් 130 පමණ මට්ටමට එකවර ඉහළ යෑම සහ ඉන්ධන සැපැයුම් ජාලයට අදාළ අනෙකුත් වියදම් ඉහළ යෑම මෙම වෙනසට හේතුව බව ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.