
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට වර්තමාන ඉන්ධන අවශ්‍යතාවට වඩා 10%කට වැඩි ප්‍රමාණයක් ඇණවුම්කර ඇති බැවින්, රට තුළ කිසිදු ඉන්ධන හිඟයක් ඇති වීමට ඉඩක් නොමැති බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව අවධාරණය කරයි. එබැවින් අනවශ්‍ය ලෙස තොග රැස්කිරීමෙන් වළකින්නැයි ඛනිජ තෙල් සංස්ථාව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
එළඹෙන මැයි මාසයේ මැද භාගය දක්වා මෙරටට ප්‍රමාණවත් ඉන්ධන තොග දැනටමත් පවතින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (CPC) සහ ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ සඳහන් කරයි.
පසුගිය කාලසීමාව තුළ ඩීසල් පරිභෝජනය සාමාන්‍ය මට්ටමට වඩා 150%ක ශීඝ්‍ර වර්ධනයක් පෙන්වා ඇති බව අනාවරණය වී ඇත.
සාමාන්‍යයෙන් මෙට්‍රික් ටොන් 40,000ක ඉන්ධන නෞකාවක් ගොඩබෑම සඳහා අවශ්‍ය ඉඩ ප්‍රමාණය (gap) ගබඩා පර්යන්ත තුළ නිර්මාණය කළ යුතු වුවද, පරිභෝජනය මෙලෙස අසාමාන්‍ය ලෙස ඉහළ ගියහොත් එය සැපයුම් ජාලයට දැඩි බලපෑමක් එල්ල කළ හැකි බව කළමනාකාර අධ්යක්ෂවරයා පවසයි.
ඇතැම් පාර්ශ්ව මාස 06කට සෑහෙන පරිදි ඉන්ධන තොග එකවර ඉල්ලා සිටින අවස්ථා වාර්තා වන බවත්, සාමාන්‍යයෙන් බවුසර් 03ක් ලබාගන්නා ස්ථාන සඳහා බවුසර් 18ක් වැනි විශාල ප්‍රමාණයක් ඉල්ලා ඇති බවත් හෙළි වී තිබේ.
මෙලෙස ඇතැම් පිරිස් විශාල වශයෙන් ඉන්ධන ගබඩා කරගැනීම හේතුවෙන්, දෛනිකව ඉන්ධන ලබාගන්නා සාමාන්‍ය ජනතාවට දිනක් හෝ දෙකක් ඉන්ධන නොමැති වීමේ තත්ත්වයක් උද්ගත විය හැකි බව සංස්ථාව පෙන්වා දෙයි.
වර්තමානයේ ක්‍රියාත්මක වන QR කේත ක්‍රමය හේතුවෙන් රටට අවශ්‍ය මාසික ඉන්ධන පරිභෝජනය නිසි පරිදි ගණනය කර මෙරටට ගෙන්වනු ලබයි.
මේ නිසා ඉන්ධන අවසන් වීමේ අවදානමක් නොමැති බවත්, පාරිභෝගිකයන් තම සාමාන්‍ය පරිභෝජන රටාව පවත්වා ගන්නේ නම්, කිසිදු ගැටලුවකින් තොරව ඉන්ධන ලබාගත හැකි බවත් කළමනාකාර අධ්යක්ෂවරයා වැඩිදුරටත් සහතික කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart