
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොවිඩ වසංගතය හමුවේ බලපෑ ආර්ථික ගැටලු මෙන්ම මෑත කාලීනව රට මුහුණ දුන් ආර්ථික අභියෝග හමුවේ මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ගැටළු රැසකට මුහුණ පා සිටින බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ විවිධ අවස්ථාවලදී ඔවුන් මුහුණ පා ඇති ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා සිදුව ඇති නමුත් එම ගැටලු සඳහා බලධාරීන්ගේ නිසි අවධානයක් ලැබී නොමැති බවයි.
පොලී අනුපාත ඉහළ යාමෙන් ණය බර වැඩිවීම හමුවේ සුලු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ වත්කම් අවදානමට ඇද වැටී ඇති බව ද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
එමෙන්ම ඔහු පැවසුවේ බැංකු පවා කටයුතු කරමින් සිටින්නේ ඔවුන් ලබා දී ඇති ණය ආරක්ෂා කර ගැනීමට පමණක් බවයි.
මහ බැංකුවෙන් ද සිදුවන්නේ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම මිස ගැටලු සඳහා විසඳුම් ඉදිරිපත් කිරීම නොවන බව මන්ත්‍රීවරයා පැවසුවේය.
එබැවින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් තමන් පාර්ලිමේන්තුවට පෞද්ගලික යෝජනාවක් ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින බව ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart