July 12, 2024

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී නිසි ලෙස සම්මත වී නොමැති බැවින් ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නීතීඥ අරුණ ලක්සිරි මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ නිසි ලෙස සම්මත වී නොමැති බවත්, එබැවින් එය නිසි පරිදි සම්මත කර ගැනීම සඳහා ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවටත් පෙත්සම්කරු අදාළ පෙත්සමෙන් කරුණ දක්වා තිබේ.