
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සිවිල් වැසියන්ට එරෙහිව නිස්සාර නඩු පැවරීමෙන් වළකින ලෙස සියලුම පොලිස් නිලධාරීන් දැනුවත් කරමින් චක්රලේඛයක් නිකුත් කරන ලෙස පොලිස්පතිවරයාට නැවත නියෝගයක් නිකුත් කරන්නැයි පොලිස් නීති කොට්ඨාසය කළ ඉල්ලීම ගම්පහ ප්රධාන මහේස්ත්රාත් බන්දුල ගුණරත්න ප්රතික්ෂේප කළේය.
අධිකරණ නියෝග ක්රියාත්මක නොකිරීම තුළින් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට එරෙහිව නඩු පැවරීමට අදාළ නඩු ගොනුවේ සම්පූර්ණ පිටපතක් පොලිස් නීති කොට්ඨාසය වෙත නිකුත් කරන ලෙස මහේස්ත්රාත්වරයා මෙහිදී අධිකරණ රෙජිස්ට්රාර්වරියට නියෝග කළේය.
පොලිස් නීති කොට්ඨාසය මගින් ඉදිරිපත් කළ මෝසමකට අනුව මෙම නඩුව ඊයේ අධිකරණය හමුවේ කැඳවන ලදී.
එහිදී පොලිස් දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පොලිස් නීති කොට්ඨාසයේ අධ්යක්ෂ, පොලිස් අධිකාරී නිලුපුල් සෝමසිංහ ඇතුළු උසස් පොලිස් නිලධාරීන් පිරිසක් සහ ප්රධාන පොලිස් පරීක්ෂක ප්රණීත ජයවර්ධන, පොලිස් පරීක්ෂක කෞෂික පෙරේරා ඇතුළු නීතිඥ කණ්ඩායමක් පෙනීසිටියහ.
මෙම නියෝගයට පාදක වූ නඩුවල සහතික කළ පිටපත් පොලිස් දෙපාර්තමේන්තුවට ලබාදෙන ලෙසත්, මහජනතාවට එරෙහිව නිස්සාර නඩු පැවරීමෙන් වළකින ලෙස සියලුම පොලිස් නිලධාරීන් දැනුවත් කර චක්රලේඛයක් නිකුත් කිරීමට පොලිස්පතිවරයාට යළිත් නියෝගයක් නිකුත් කරන ලෙසත් පොලිස් නීති කොට්ඨාසය වෙනුවෙන් පෙනී සිටි නිලධාරීහු අධිකරණයෙන් ඉල්ලා සිටියහ.
එහිදී කරුණු දැක්වූ ප්රධාන මහේස්ත්රාත්වරයා පෙන්වාදුන්නේ මෙම සිද්ධියට අදාළව තමන් දැනටමත් නියෝගයක් නිකුත් කර ඇති බැවින්, පොලිසිය ඉල්ලන ආකාරයේ වෙනත් නියෝගයක් යළි නිකුත් කිරීමට අධිකරණයට හැකියාවක් නොමැති බවයි.
එමෙන්ම ‘රජයට එරෙහිව ජෙයරාජ් ප්රනාන්දුපුල්ලේ’ නඩු තීන්දුව ප්රකාරව, විනිශ්චයකාරවරයකු විසින් ලබාදුන් තීන්දුවක් නැවත එම විනිශ්චයකාරවරයාටම වෙනස් කළ නොහැකි බව සඳහන් කළ මහේස්ත්රාත්වරයා, මෙම නඩුවට අදාළව තමන් දැනටමත් අවසන් නියෝගය ප්රකාශයට පත්කර ඇති බව වැඩිදුරටත් අවධාරණය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart