August 2, 2026

ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට පෙර ඉන්දීය කණ්ඩායම මුලින් සැලසුම් කර තිබූ සිව්දින තරගය වෙනුවට තෙදින පුහුණු තරගයකට ක්‍රීඩා කිරීමට නියමිතය.

මෙම පුහුණු තරගය අගෝස්තු 7 වැනිදා කොළඹ NCC ක්‍රීඩාංගණයේදී ආරම්භ වන අතර, ඉන්දීය කණ්ඩායම අගෝස්තු 4 වනදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇත.

දෙරට අතර පැවැත්වෙන දෙදින ටෙස්ට් තරගාවලියේ පළමු තරගය අගෝස්තු 15 සිට 19 දක්වා ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර, දෙවැනි ටෙස්ට් තරගය අගෝස්තු 23 සිට 27 දක්වා කොළඹ SSC ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.