
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කුලී රථ රියදුරන් ඉලක්ක කර රන් ආභරණ කොල්ලකෑම් සිදුකළ බව කියන පුද්ගලයන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මගීන් ලෙස පෙනී සිටි සැකකරුවන් මත්ද්‍රව්‍ය ලබාදී ඔවුන්ගේ රන් ආභරණ සොරකම් ඇතැයි වාර්තා වේ.
බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාශය විසින් ඊයේ (07) මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇත.
සැකකරුවන් ගමනක් යෑමට අවශ්‍ය මගීන් ලෙස පෙනීසිටිමින් කුලී රථ රියදුරන් රවටා ගෙන ඇති බව පොලිසිය පවසයි.
වාහනයට නැගීමෙන් පසු ඔවුන් රියදුරන්ට මත් ඖෂධයක් මිශ්‍ර කළ පානයක් ලබා දී ඔවුන් සිහිසුන් කර රන් ආභරණ සහ මුදල් කොල්ලකෑමට කටයුතු කර තිබේ.
මෙලස සොරාගත් රන් ආභරණ ඇතුළු භාණ්ඩවල මුළු වටිනාකම රු. ලක්ෂ 55ක් බව පොලිසිය පවසයි.
කෙසේවෙතත් සොරකම් කරන ලද රුපියල් මිලියන 4.1ක වටිනාකමකින් යුත් රන් ආභරණ කිහිපයක් කොළඹ 11 පිහිටි රන් සාප්පුවකින්
සොයාගැනීමට පොලිසිය සමත්ව තිබේ.
සැකකරුවන් ආසන්න වශයෙන් පොලිස් වසම් 15ක් පුරා මෙවැනි සොරකම් සිදුකර ඇති බව වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත.
අත්අඩංගුවට ගත් පුද්ගලයන් රක්වාන, මරදාන, බදුල්ල සහ වැරැල්ලගම යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 37 සහ 38 යන වයස්වල පසුවන්නන් බව පොලිසිය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart