
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රටේ ඇතිවුණේ හුදු ආර්ථිකය පිලිබඳ ප්‍රශ්නයක් නොව පාලනය පිලිබඳ ප්‍රශ්නයක් යැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් සඳහන් කරයි.
ප්‍රශනයක් පතුවූ විට කමිටු පත්කරමින් කල්මැරීම වගකීම් විරහිත පුද්ගලයන්ගේ ලක්ෂණයක් බවද හෙතෙම සඳහන් කළේය.
ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී ‘නීතිඥ සාමුහිකය’ විසින් සංවිධානය කර තිබූ සංවාදයක් අමතමින් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මෙසේද සඳහන් කළේය.
”අපි නීතිඥ සාමුහිකය විදියට බලාපොරොත්තු වෙන්නේ නීතිඥ ප්‍රජාව ඉදිරියට මිනිස්සුන්ගේ අයිතිවාසිකම් පිලිබඳ කටයුතු කරයි කියලා. ඒ වගේම මේ රටේ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරන්න නීතිඥ ප්‍රජාවට හයිය තියෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.
අපි දන්නවා ස්වාධීන අධිකරණයක් කෙතරම් වැදගත්ද කියලා. යම් ප්‍රශ්නයක් මතුවන විට කල් අරගෙන, කමිටු පත්කරගෙන මාස ගණනක් ඒ කමිටුවලට ප්‍රශ්න යොමුකරලා, කමිටු වාර්තා කැඳවලා ඒ වාර්තා එනතෙක් මුකුත් නොකර ඉන්න අපිට හැකියාවක් නැහැ. එහෙම තමන්ගේ වගකීම ඉටු කරන්නේ නැති අයගෙන් අපිට වැඩක් නැහැ. නීතිඥ ප්‍රජාව තමන්ට වගකීමක් දීලා තියෙනවා නම් ඒ වගකීම ඉෂ්ට කරන්න ඕන.
එහෙම තමයි 2013 දී අග්‍රවිනිශ්චකාරතුමියගේ දෝෂාභියෝගය වෙලාවේ නීතිඥ සංගමය කටයුතු කළේ. අපි බලාපොරොත්තු වෙනවා නීතිඥ සාමුහිකය තුළින් නීතිඥ ප්‍රජාව ශක්තිමත් කරයි කියලා. මේ රටේ ප්‍රශ්න ඒ තරම් උග්‍රයි. මේ රටේ අයිතිවාසිකම් පිළිබඳ ගැටළුවක් තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ගැටළුවක් තියෙනවා.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart