
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ තවත් විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහි නඩුව මාර්තු 4 වැනිදා නැවත කැඳවීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.
වෙළඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියදී, ජොන්ස්ටන් ප්‍රනාන්දු සතොස රජයට අයත් ව්‍යවසායයේ සේවකයන් දේශපාලන කටයුතු සඳහා යොදවා ගැනීමෙන් තම තනතුර අනිසි ලෙස භාවිත කර, ඔවුන් නිල රාජකාරිවලින් ඉවත් කර, එමඟින් රජයට මූල්‍යමය පාඩුවක් සිදු කළ බවට අධිචෝදනා පත්‍රයේ සඳහන් වේ.
නඩුව මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහයිල් ඉදිරියේ ඊයේ(14) කැඳවන ලදී.
එහිදී ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ සම විත්තිකරු වන මොහොමඩ් ෂාකීර් අධිකරණයේ පෙනී නොසිටියහ.
වත්තල මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින තවත් නඩුවකට අදාළව මොවුන් දෙදෙනාම දැනට රිමාන්ඩ් භාරයේ සිටින බව ඔවුන්ගේ නීති නියෝජිතයන් අධිකරණයට දන්වා තිබිණි.
කරුණු සළකා බැලීමෙන් පසු, මාර්තු 4 සහ මාර්තු 18 යන දිනවල නඩු විභාග පැවැත්වීමටත් එම දිනවල විත්තිකරුවන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාරයේ රැඳී සිටින්නේ නම්, ඔවුන් මහාධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කළ යුතු බවටත් විනිසුරුවරයා නියම කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart