
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බ්‍රසීලයේ හිටපු ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝට වළලුකර මොනිටරයක් පැළඳීමට අධිකරණය නියෝග කර ඇති බව ඔහුගේ මාධ්‍ය කාර්යාලය පවසයි.
එරට ෆෙඩරල් පොලිසිය ඔහුගේ නිවසේ සහ බ්‍රසීලියා නුවර පිහිටි ඔහුගේ පක්ෂ මූලස්ථානයේ සිදු කළ සෝදිසි කිරීම්වලින් අනතුරුව මෙම නියෝගය නිකුත් කර තිබේ.
එරට ජනමාධ්‍ය වාර්තා කළේ, දැනට එක්සත් ජනපදයේ වෙසෙන බ්‍රසීලියානු නීති සම්පාදකයකු සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ඇති සමීප සබඳතා සඳහා ප්‍රසිද්ධියට පත් ඔහුගේ පුත්‍රයා වන එඩුවාඩෝ බොල්සොනාරෝ සහ විමර්ශන සඳහා අදාළ පුද්ගලයන් සමග සම්බන්ධතා පැවැත්වීම සහ සමාජ මාධ්‍ය භාවිතය ද බොල්සොනාරෝට තහනම් කර ඇති බවයි.
අත්අඩංගුවට ගැනීම හැර වෙනත් පූර්වාරක්ෂක පියවරයන්ට අමතරව, ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවකට අනුකූලව සෝදිසිකිරීම් සහ අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු දෙකක් ක්‍රියාත්මක කළ බව ද බ්‍රසීල පොලීසිය පවසයි.
කෙසේවෙතත් පොලීසිය ඒ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයේ බොල්සොනාරෝගේ නම සඳහන් කර නොමැති බව වාර්තා වේ.
වාමාංශික ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා හමුවේ 2022 මැතිවරණයෙන් පරාජයට පත්වූ හිටපු ජනධිපති බොල්සනාරෝ කුමන්ත්‍රණයක් දියත්කිරීමේ උත්සාහයකට නායකත්වය දුන් බවට චෝදනා ලැබ සිටියි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart