
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඕස්ට්‍රේලියාවේ හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ස්ටුවර්ට් මැක්ගිල් විශාල ප්‍රමාණයේ කොකේන් ගනුදෙනුවක් සම්බන්ධව එල්ල වූ චෝදනාවකට පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
2021 වසරේ අප්‍රේල් මාසයේ දී උතුරු සිඩ්නි නගරයේ සන්නද්ධ මිනිසුන් පිරිසක් විසින් ඔහුව පැහැරගත් බව කියන අවස්ථාවේ දී රහස් පරීක්ෂකයන්ගේ අවධානය ඔහු වෙත යොමුව තිබේ.
එම සිද්ධිය දීර්ඝ විමර්ශනයකට ලක්කිරීමෙන් පසු මැක්ගිල්ගේ පැහැරගැනීම මත්ද්‍රව්‍ය ගනුදෙනුවකට සම්බන්ධ බව පොලිසිය පවසයි.
තහනම් මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් දැනුවත්භාවයෙන් සැපැයීම ඔහුට එල්ලකර ඇති එක් චෝදනාවකි.
දක්ෂ පන්දු යවන්නකු වන මැක්ගිල් ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් තරග 44ක ක්‍රීඩා කළ අතර, ඇතැමකු ඔහුව විශිෂ්ඨ ගණයේ දඟපන්දු යවන්නකු වන ෂේන් වෝන් සමග සංසන්දනය කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart