
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තිරිඟු පිටි අලෙවියේ යෙදීසිටින සමාගම් දෙක ආණ්ඩුවේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා මුදල් පොම්ප කිරීම නිසා ලෝක වෙළෙඳපොළේ තිරිඟු පිටි සහ බීජ මිල අඩුවීමේ වාසිය පාරිභෝගිකයා වෙත ලබානොදී, රට තුළ තිරිඟු පිටි අලෙවියේ ඒකාධිකාරයක් නිර්මාණය කර තිබෙන බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක චෝදනා කරයි.
මේ වනවිට තිරිඟු පිටි කිලෝවක් රුපියල් 210ට අලෙවි කරන අතර, රුපියල් 35ක බද්දකට යටත්ව වුවද කිලෝවක් රුපියල් 160කට අලෙවි කළ හැකි බව ඔහු පාර්ලිමේන්තුවේදී පෙන්වාදුන්නේය.
තුර්කියෙන් ආනයනය කරන ලද තිරිඟු පිටි කිලෝවක් වරායට ගොඩබෑමේදී ඒ සඳහා රුපියල් 110ක පමණ මුදලක් වැයවන අතර, රජය විසින් පිටි කිලෝවක් සඳහා පනවා තිබූ රුපියල් 35ක බද්ද ඉවත්කර ඇති බව මන්ත්‍රීවරයා සඳහන් කරයි.
කෙසේ වෙතත් බදු අඩුකිරීමේ වාසිය පාරිභෝගිකයා වෙත ලැබී නොමැති බවත්, සමාගම් අනවශ්‍ය ලාභ උපයමින් සිටින බවත්, ඔහු පවසයි.
තිරිඟු පිටි ආනයනය තහනම් කිරීමෙන් පසු ආනයනකරුවන්ට ආනයන බලපත්‍ර ලබාදෙන බවට රජය පොරොන්දු වී ඇතත් මෙතෙක් එවැනි බලපත්‍රයක් ලබාදී නොමැති බවද මන්ත්‍රීවරයා සඳහන් කරයි.
රජය බහු ජාතික සමාගම් දෙකකට තිරිඟු පිටි අලෙවියේ ඒකාධිකාරයක් නිර්මාණය කර තිබෙන බවත්, බලයට පත් වූ ආණ්ඩුවල මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා ප්‍රීමා සමාගම මුදල් පොම්ප කර ඇති බව ප්‍රසිද්ධ කරුණක් බවත්, ජාතික ජන බලවේගයේ නායකයා පවසයි.
වත්මන් ආණ්ඩුවත් මැතිවරණ ප්‍රචාරක මුදල් බලාපොරොත්තුවෙන් එහි ප්‍රතිලාභ පාරිභෝගිකයන්ට ලබානොදී අනිසි ලාභ ලබන්න ඉඩ දී තිබෙන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart