July 4, 2023

සිම්බාබ්වේ රාජ්‍යය විසින් පළමුවරට සංවිධානය කරන T10 ලීග් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකු සහභාගී වීමට නියමිතය.

ඊයේ දිනයේ තරගාවලියේ සංවිධායකයන් විසින් කණ්ඩායම්වල සංචිත ස්ථිර කරන ලදී.

එහිදී සෑම කණ්ඩායමක්ම අවම වශයෙන් සිම්බාබ්වේ ක්‍රීඩකයින් හය දෙනෙකු ඇතුළුව අවම වශයෙන් ක්‍රීඩකයින් 16 දෙනකු තෝරාගෙන තිබේ.

තරගාවලියට Harare Hurricanes, Joburg Buffaloes, Durban Qalandars, Bulawayo Braves, and Cape Town Samp Army යන කණ්ඩායම් එක්වෙයි.

තරගාවලිය ජූලි 20 සහ ජූලි 29 අතර හරාරේ හිදී පැවැත්වේ.

ඊට සහභාගිවන ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වන්නේ,

01. මහීෂ් තීක්ෂණ – Samp Army
02. භානුක රාජපක්ෂ – Samp Army
03. කෙවින් කොත්තිගොඩ – Harare Hurricanes
04. තිසර පෙරේරා – Bulawayo Braves
05. චාමික කරුණාරත්න – Samp Army