
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එක්දින ක්‍රිකට් ලෝක කුසලානයට සුදුසුකම් ලැබිමේ තරගාවලියේ ඒ ඛාණ්ඩයේ තරග පැවැත්වෙන හරාරේ ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ ගින්නක් හට ගෙන තිබේ.
පසුගිය 20වැනිදා සිම්බාබ්වේ සහ නේදර්ලන්තය අතර පැවැති තරගයෙන් පැය 06ක පමණ පසුව ගින්න හටගෙන ඇත.
ක්‍රීඩාංගණයේ දකුණු කෙළවරේ මෙම ගින්න හටගෙන ඇති අතර බලධාරින් සහ ආරක්ෂ,අංශ එක්ව කඩිනමින් එය මැඩපවත්වා තිබේ.
ඉන් ක්‍රීඩාංගණයට සිදුවිමට තිබු හානිය වළක්වාගෙන ඇති අතර ගින්නට හේතුව කුමක්දැයි තවදුරටත් තහවුරුවී නැත. නැහැ.
ඊයේ දිනයේදි අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල නිලධාරින් ක්‍රීඩාංගණය පරීක්ෂා කිරීමේන් අනතුරුව තරගාවලියේ ඉතිරි තරග එහි පැවැත්විම ගැටලුවක් නොවන බව නිගමනය කර ඇත.
ඒ අනුව අද එක්දින ලෝක කුසලාන සුදුසුකම් ලැබිමේ තරගාවලියේ තවත් තරග දෙකක් හරාරේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.
එහිදී නේපාලය කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමගත්, නේදර්ලන්තය කණ්ඩායම අමෙරිකාව සමගත් තරග වැදිමට නියමිතය.
තරගාවලියේ අවසන් මහා තරගයද හරාරේ ක්‍රිඩාංගණයේදි පැවැත්වීමට සැලසුම් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart