
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සත්ව හිංසන වැරදි පාලනය කිරීම සඳහා මෙරට පවතින යල්පැන ගිය නීති රාමුව පිළිබඳව සත්ත්ව සුභසාධන සන්ධානය කනස්සල්ල මතුකර තිබේ.
ඔවුන් පවසන්නේ සතුන් වඩා හොඳින් ආරක්ෂා කිරීම සඳහා කඩිනම් ව්‍යවස්ථාදායක ප්‍රතිසංස්කරණ සිදුකළ යුතු බවයි.
සත්ත්ව සුභසාධන සන්ධානයේ විධායක සභික චාරුක වික්‍රමසේකර පවසන පරිදි, සත්ව හිංසන වැරදි සඳහා මෙරට තුළ මේ වනවිට දඩුවම් පවතින්නේ සත්ව හිංසන ආඥාපනත හරහා බලාත්මක කරන ලද 1907 සත්ව හිංසන පනත මත ය.
මෙම ආඥාපනත යටතේ, බොහෝ සත්ව හිංසන වැරදි සම්බන්ධයෙන් වැරදිකරුවන් වන පුද්ගලයන්ට රුපියල් 100 දක්වා දඩයක්, මාස තුනක් දක්වා සිරදඬුවම් හෝ එම දඬුවම් දෙකම පැනවිය හැකිය.
එමෙන්ම කෲර ලෙස සතකු ඝාතනය කිරීම සම්බන්ධ නඩුවලදී උපරිම සිරදඬුවම් කාලය මාස හයක් දක්වා දීර්ඝ වේ.
පොලිසිය සත්ව හිංසන නඩු විසඳීමට දිගින් දිගටම උත්සාහ දරන නමුත්, ශක්තිමත් සහ ඒ සඳහා යාවත්කාලීන වූ නීති නොමැතිකම ප්‍රමාණවත් දඬුවම් පැනවීමට සහ නීතිමය ක්‍රියාමාර්ග මගින් මහජනතාව දැනුවත් කිරීමට ඔවුන්ට ඇති හැකියාවට බාධාවක් බව ඔහු පවසයි.
එබැවින් මේ වනවිට එළඹ ඇත්තේ නීති පද්ධතිය වැඩිදියුණු කිරීමට සහ සතුන් වඩා හොඳින් ආරක්ෂා කිරීමට කාලය බව ද චාරුක වික්‍රමසේකර පෙන්වාදෙයි.
සත්ව සුභසාධන ගැටළු පිළිබඳව මහජනයා තුළ පවතින අවබෝධය ඉහළ නැංවීම සඳහා සමාජ මාධ්‍යවලට ද වගකීමක් පවතින බව ඔහු පවසයි.
එබැවින් සත්ත්ව හිංසන ක්‍රියාවන් හෙළිදරව් කරන වීඩියෝ බෙදාහැරීම මගින් එවැනි හැසිරීම් අධෛර්යමත් කරනවා පමණක් නොව, සිදුවීම් වඩාත් පහසුවෙන් වාර්තා කිරීමට මහජනතාවට අවස්ථාව හිමිවන බව ද ඔහු සඳහන් කරයි.
මෙම වීඩියෝ අන්තර්ජාලයෙන් හුවමාරුවීමෙන් පසු මිනිසුන් සතුන්ට හානිකිරීමට පෙර කිහිපවතාවක් සිතා බලන බවත්, මීට පෙර සත්ව හිංසනයන් බොහෝමයක් සිදුවුනත් මිනිසුන්ට පැමිණිලි කළ හැකි නිසි සංවිධාන නොතිබූ බවත්, නමුත් මේවනවිට බොහෝ සත්ව සුභසාධන කණ්ඩායම්වලට මහජනතාවගෙන් පැමිණිලි විශාල සංඛ්‍යාවක් ලැබෙන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරයි.(Daily Mirror)
රට තුළ සත්ව හිංසනය පිටුදැකීම දැමීම සඳහා ශක්තිමත් නීති සමඟ මහජන සහභාගීත්වය සහ දැනුවත්භාවය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි ද ඔහු විශ්වාස පළ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart